ඉංග්‍රිසි ගුරුවරුන් රට පැටවීම, කාඩ ඉංග්‍රීසිය පිළි ගැනීම හා ඉංග්‍රීසියෙන් මළ පැන නා ගැනීම
(2010 ජුනි 09, W3Lanka ) ලංකාවේ හෙදියන් දහස් ගණනක් සඳහා සංවර්ධිත රටවලින් රැකියා ලබා දෙන බවට මීට කලකට ඉහතදී එවකට සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියේ ය. නිවාඩු ලබාගෙන පිටරට ගොස් රැකියාවක් කර මුදල් උපයාගෙන එන්නට සිහින මැවූ හෙදියන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පෞද්ගලික ආයතනයක් සමග එක්ව ඉංග්‍රීසි පාඨමාලාවක් ආරම්භ කරන ලද අතර විශාල හේදියන් ිපිරිසක් රු. 50,000ක් වැනි අධික මුදලක් ගෙවා එම පාඨමාලාව කළ හ. එහෙත්, රජය විසින් විදේශ රැකියා සඳහා යවන ලද හෙදියෝ නැත. පෞද්ගලික ආයතනයක් විසින් කරන ලද මෙම ඉංග්‍රීසි පාඨමාලාව සඳහා සහභාගි වීමට ඉතා පුදුමාකාර ලෙස සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් හෙදියන්ට අධ්‍යයන නිවාඩු ලබා දෙන ලදී. මේ පසුපස තිබුණු කොමිස් ජාවාරම් පිළිබඳව සෞඛය අංශයේ වෘත්තීය සමිති පවා නිහඬ ය. දැන් අලුත් ම සිංදුව කොරියාවට ඉංග්‍රීසි ගුරුවරුන් අපනයනය කිරීම ය. ගීත රචනය, තනුව හා ගායනය අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනගේ ය. අපට ඇති තොරතුරු අනුව නම්, අධ්‍යාපන අමාත්‍යංශයට ඉංග්‍රීසි ගුරුවරුන් අපනයනය කිරීම සඳහා එවැනි නිශ්චිත වැඩසටහනක් නැත. ඇමතිවරු මෙවැනි කතා ඔහේ නික...