අගමැති පුටුවට සීතල යුද්ධය උණුසුම් වන ලකුණු | Cold war for the premiership of Sri Lanka warming
(2010 අප්‍රේල් 18 - W3Lanka ) නව රජයේ අගමැති ධුරය වෙනුවෙන් ආණ්ඩුවේ ප්‍රබලයන් කීපදෙනෙකු අතර සීතල යුද්ධයක් ඇති වී තිබේ. විධායක ජනාධිපති ක්‍රමයේ ඉතිහාසය පුරා ම රාජ්‍ය නායක අනුප්‍රාප්තිකයා වී තිබෙන්නේ අගමැකිවරයායි. විශේෂයෙන් ම ජනාධිපතිවරයකුගේ දෙවන ධුර කාලය තුළ අගමැති පදවිය දරන්නා හැම විට ම මීළඟ ජනාධිපති අපේක්ෂකයා වී තිබේ. මෙම තත්වය වෙනස් වූයේ ජනාධීපති රණසිංහ ප්‍රේමදාස හදිසියේ මිය යාමත් සමග ජනාධිපති පදවියට පත් වූ ඩී.බී. විජේතුංග 1994 ජනාධිපතිවරණයට තරග නොකිරීමට තීරණය කළ අවස්ථාවේ පමණි. 2004දී අගමැති ධුරය ලබා ගැනීම සඳහා බලවත් සටනක් කිරීමට මහින්ද රාජපක්ෂට සිදු වූ අතර, ඒ අවස්ථාව ඔහුට අහිමි වී නම් ඔහුට ගිරුවාපත්තුවේ දි.මු. ජයරත්න වන්නට ඉඩ තිබිණි. සිය දෙවන ධුර කාලය තුළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරගෙන රාජ්‍ය නායකත්වයේ දිගට ම සිටිමින් සිය පුත්‍රයා මීළඟ රාජ්‍ය නායකත්වයට පුහුණු කිරීම මහින්ද රාජපක්ෂ ජනාධිපති රජතුමාගේ උපාය වී ඇති බව නිරීක්ෂණය කළ හැකි ය. මෙවර අගමැති පුටුව සඳහා සීතල යුද්ධය මධ්‍යයේ ජනාධිපති සහෝදර බැසිල් රාජපක්ෂ අද ලංකාදීප පුවත්පතේ පුවතක් පළ...