Posts

Showing posts with the label Sri Lanka Ministers

අලුත් ආණ්ඩුවේ ඇමති තනතුරු සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යයි | Number of Ministers in future Sri Lanka government increasing

(2010 අප්‍රේල් 05- W3Lanka  )  මහ මැතිවරණයට කල් තිබියදී ආණ්ඩුවේ දේශපාලනඥයන් කියමින් සිටියේ ඇමති මණ්ඩලය 35ට බස්සන බවයි.  එහෙත් දැන් තමන් බලාපොරොත්තු වූ අන්දමේ පහසු ජයග්‍රහණයකින් තුනෙන් දෙකේ බලයක් ලබා ගත හැකි වේ ද යන්න පිළීබඳව විශ්වාසයකින් තොර වීමත් සමග ආණ්ඩුව දැන් සමහර ප්‍රකාශ වෙනස් කරමින් සිටියි.  අලුත් ම වාර්තා පවසන්නේ ඇමති මණ්ඩලය 35ට අඩු කරන්නේ නැති බවයි. දැන් කියන ආකාරයට අනුව, එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනුවොත් ඇමති මණ්ඩලය 40ක් වනු ඇති බව අද දිවයින පුවත්පතට නම සඳහන් නොකළ ආණ්ඩුවේ ප්‍රබලයෙක් කියා ඇත.  "මහජනතාව අතර ඉමහත් ප්‍රසාදයට ලක්‌ වූ අමාත්‍යාංශවල ඇමැතිවරුන්ට එම අමාත්‍යාංශය යළි ලැබෙනු ඇතැයි" විශ්වාස කරන බව ද අදාළ ප්‍රකාශකයා කියා තිබේ. ‍ අපට දැන ගන්නට ඇති ආතාරයට මෙම ප්‍රකාශය කිරීමට සිදු වී ඇත්තේ ජනාධීපති වෙනත් සුළු පක්ෂවල අය සමග එක් වී තමන්ට කැපිල්ල දාන්නට ආවොත් විපක්ෂය සමග එක් වී ආණ්ඩුවක් පිහිටුවනු ලබන බවට අදහස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු ම පළ කර ඇති බැවින් බව ද වාර්තා වේ.