Posts

Showing posts with the label SMS

රු. කෝටි ගණනක ලොතරැයියක් දිනූ බවට ඔබටත් SMS එකක් ලැබුණා ද?

Image
( 2011 ජනවාරි 01,  W3Lanka )   දීර්ඝ කාලයක සිට ඊ මේල් පාවිච්චි කරන අයට එක එක රටවල්වල ලොතරැයිවලින් විශාල ඩොලර්, පවුම් ගණනක් දිනුවා ය කියා එන ඊමේල් ලිපිවල අඩුවක් ඇතැයි ඔබට නිරීක්ෂණය වුණා ද?  කලක් අන්තර්ජාලයේ වංචනිකයන් පිරිසකගේ කුප්‍රකට ජාවාරමක් වූ තිබුණු මෙයට දැන් අන්තර්ජාල ප්‍රජාව හසු වීම අඩු වී තිබෙනවා විය හැකියි.  එහෙත්, අලුත් ම වාර්තා පවසන්නේ දැන් මෙම උවදුර ලංකාවේ ජංගම දුරකථනවලට ව්‍යාප්ත වී ඇති බවයි.  සෙල්ලම පරණ එකමයි. ඔන්න ඔබට කෙටි පණිවුඩයක් ලැබෙනවා අහවල් ලොතරැයියෙන් ඔබට මෙතරම් මුදලක් දිනුම් ලෙස ඇදී ඇති බව හා අසවල් අංකයට කතා කළොත් තෑග්ග ලබා ගත හැකි බව කියා.  කතා කළොත් එතැනින් ඔබේ හා ඔබේ බැංකු ගිණුමේ විස්තර ආදිය ලබාගෙන කියනවා මුදල ලබා ගැනීම සඳහා අසවල් රටේ අසවල් බැංකු ගිණුමට අසවල් මුදල තැන්පත් කරන්න කියා. ඒ මුදල එතරම් ලොකු එකක් නොවෙයි. ඔබ දන්නවා ද, තවමත් සමහරු ලැබෙන්න තිබෙන මුදලේ විශාලත්වය නිසා වා නම් වා, පෝ නම් පෝ කියා මේ හොරුන්ට සල්ලි යවනවා. පස්සෙ ලජ්ජාවට සද්ද නැතිව ඉන්නවා. නැතත්, මේ වංචාකරුවන් ඉන්න රටවල් ලංකාව තානාපති සම්බන්ධකම්...

රාජපක්ෂගේ ස්පෑම් එස්.එම්.එස්. ගැන අපට ලැබුණු ප්‍රතිචාරයක්

Image
( 2010 ජනවාරි 03 -W3Lanka) (අලුත් අවුරුද්දට සුබ පතා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එවන ලද මැතිවරණ දූෂණයක් ද වන කරදරකාර එස්.එම්.එස්. පණිවුඩය පිළිබඳව අප පළ කළ  පුවතට බුමුතුරුණු වෙතින් ලැබුණු ප්‍රතිචාරයකි.) මටත් රාජපක්ෂගෙන් අවුරුදු සුභ පැතුම් පණිවිඩයක් ලැබුණි. වෙළෙද භාණ්ඩ විකුණා ගැනීම සදහා දිනකට එවන ස්පෑම් පණිවුඩ තුන හතර අතර රාජපක්ෂගේ පණිවිඩය මට අරුමයක් නොවීය. මට ඇතිවූයේ සතුටකි. මේ සියවසේදීත් කුරහන් කන හම්බන්තොට බයියා නවීන තාක්ෂණය යොදා ගනිමින් රට වැසියාට සුභ පැතීම කෙතරම් නම් සතුටකට හේතුවක් ද? ලෝක සංස්කෘතික මිශ්‍රණයකට බියෙන් සිංහල බෞද්ධ මූල ධාර්මික මඩ ගොහොරුවක ගිලී සිටින රාජපක්ෂ ලෝක තාක්ෂණික දියුණුවේ නවීන සංස්කෘතිය සමග පෙළගැසීම කෙතරම් නම් සතුටට හේතුවක්ද? පැවැත්ම සදහා විටෙක මූල ධර්මවාදය ද විටෙක සංස්කෘතික මිශ්‍රණය ද කර පින්නා ගන්නා සිංහල බෞද්ධ බයියන්ගේ දෙපිටකාට්ටුකම රාජපක්ෂයන්ගේ මෙම ක්‍රියාවෙන් මොනවට පැහැදිලි වේ. රාජ්‍යයෙන් කෙරෙනා විවිධාකාර තාඩන පීඩන මත ලාංකික පීඩිතයා සැමදා විඳවමින් සිටී. නමුත් මධ්‍යම පන්තිය තමන්ට ලැබෙන්නා වූ ස්පෑම් කෙටි පණිවුඩයකින් පවා කෝප වේ. මගේ සතු...