Posts

Showing posts with the label SLFP

ප්‍රජාතන්ත්‍රවාදයේ සුළං එජාපය හරහා හමයි; හෙට ශ්‍රීලනිප හා ජවිපෙ | Whirlwinds of democracy blowing across Sri Lanka's political parties

Image
(2010 මැයි 07 -  W3Lanka )  ලාංකීය සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී රික්තය විසින් ඇති කර තිබෙන සුළි සුළඟ දැන් එක්සත් ජාතික පක්ෂය හරහා ද හමා යමින් තිබේ. පක්ෂයේ විප්ලවීය වෙනසක් ඇතිකළ හැකි ලෙස තනතුරු ඇතිකර ඒවාට ඡන්දයෙන් පුද්ගලයින් තෝරා ගැනීමට හැකි වන පරිදි ව්‍යවස්ථා වෙනසක් ඇති කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කොට ඇත. ඒ පිළිබඳව සොයාබැලීමට ජෝශෆ් මයිකල් පෙරේරා, කබීර් හෂීම්, ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල, විජේදාස රාජපක්ෂ, නීතිඥ රෝලන්ඩ් පෙරේරා යන අයගෙන් යුක්ත විශේෂ කමිටුවක්ද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඊයේ පත්කර ඇති අතර එම කමිටුවේ වාර්තාව සතියක් තුළ ලබාගැනීමටද එකඟවී තිබේ. එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බදාදා පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තමාට ලබා දීමට ගිය පක්ෂයේ උප නායකකම ප්‍රතික්ෂේප කොට ඇති සජිත් ප්‍රේමදාස එජාපයේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බවත් ඒකාධිපති ගමනකට සැරසෙන බවත් ප්‍රකාශ කොට ඇත. පක්ෂයේ ප්‍රධාන තනතුරු එක් පුද්ගලයකුගේ අවශ්‍යතාව මත ලබා දීම සම්පූර්ණ අසාධාරණ බව පවසා ඇති සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය පක්ෂය හැර යන විට...