විමල් වීරවංශ, රෝහිත භාෂණ: සිංහල, දෙමළ ජාතිවාදයන්ට වමෙන් දන් දුන් පුද්ගල සම්පත් දෙකක්
(2010 ජුනි 08, W3Lanka ) පසුගිය දිනෙක රාමචන්ද්‍ර සහෝදරයා විසින් පළ කර තිබුණු අදහසක් මෙසේයි: දැන් රාජපක්ෂ රෙජිමය නව ලිබරල් මාදිලිය දෙස හැරිල ඉන්න බව පැහැදිලියි.මේ සංවර්ධන මාදිලිය දකුණු අමෙරිකානු රටවල පට්ට ගහපු එකක් බවත් ඒවා ඇතුලෙ ඒ රටවල සිදුවුන ආශ්චර්ය කොයිවගේ එකක්ද කියලත් අපි දන්නව.මෙය දිලින්දන් හා පීඩිතයන් තවදුරටත් සමාජ කවයේ මුල්ලකට තල්ලු කරල දාන සුළුතරයකගේ මනදොල පිනවන මාදිලියක්ය යන්න ගැන ( කවර නිකායකට අයත් වුවත්) වාමාංශිකයන් අතර පොදු එකගතාවක් තියනව කියල මම හිතනව. මගේ ප්‍රශ්නය - රාජපක්ෂගේ මේ දේශපාලන ව්‍යාපෘතිය ඉදිරියේ වාමාංශික කොටස් ( මෙතන මම වම කියන වචනය ඉතාම ලිහිල් තේරුමකින් යොදාගන්නෙ) ගන්න ඕනෙ කියල ඔබ කල්පනා කරන ප්‍රායෝගික ආස්ථානය මොකක්ද? උදා-ජලය බහුජාතික සමාගම් වලට විකුණන්න යනවා නම් සමහරු කියන විදිහට ඒක ධනවාදී "ප්‍රගතිශීලි" පියවරක්ය කියල පිලිගැනීමද?නැත්නම් ඒකට එරෙහිව ඉන් පීඩාවට පත්වන කොටස් වෙනුවෙන් පෙනී සිටීමද? මේවා ධනවාදී ප්‍රගතිශීලි පියවර නම් "ප්‍රගතිශීලි" වැඩවලට වාමාංශිකයන් විරුද්ධ විය යුත්තේ ඇයි? මේකෙ තර්කානුකූල අන්තය වෙන්නෙ ධනේශ්වර ප්‍ර...