අපේ උපන් දිනයට රාවයෙන් ලැබුණ තෑග්ග | The present Ravaya newspaper sent for our anniversary
(2010 මැයි 25 - අජිත් පැරකුම් ජයසිංහ, W3Lanka ) මේ මාධ්‍ය ව්‍යායාමයට වසරක් පිරෙමින් තිබියදී රාවයෙන් අපට අපූරු තෑග්ගක් ලැබිණි. ඒ මෙම ලේඛකයාගේ ලිපි රාවයේ පළ නොකරන බවට රාවයේ කේ.ඩබ්. ජනරංජන පැවසූ බව වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ලේකම් වන රාවයේ ලසන්ත රුහුණගේ අප හිතවතකුට පැවසීමයි. කීවාත් වාගේ දෙසතියක් ම මා විසින් යවන ලද ලිපි රාවයේ පළ වී නොතිබිණි. රාවයත් මාත් අතර කිසිදු ගිවිසුමක් නැත. ලිපි ලියන්නැයි රාවය මට ආරාධනා කළේ ද නැත. එහෙත්, වසර ගණනාවක් තිස්සේ මම වතාවතක් සේ බ්‍රහස්පතින්දා පාන්දර හතරට අවදිව රාවයට ලිපියක් ලියා විද්‍යුත් තැපෑලෙන් යැවීමි. මේ ලිපිය නිසා බොහෝ බ්‍රහස්පතින්දා දිනවල මා අත්සන් කළේ රතු ඉරට යටිනි. පසුගිය කාලයේ මා රැකියාව අහිමිව සිටියදී තිඹිරියාගම බංඩාර මේ ලිපි වෙනුවෙන් සුළු මුදලක් ගෙවන්නට කටයුතු යෙදුවේය. දැන් මාස හයකින්, හතකින් පමණ මා එම මුදල ලබා ගන්නට රාවයට ගියේ ද නැත. රාවය විශාල අලෙවියක් ඇති පුවත්පතක් නොවේ. එහෙත් මගේ ලිපි පළ නොකළත් මම හෙටත් රාවයට ආදරය කරමි. එයට හේතුවක් ඇත. උසාවි ගොස් බොහෝ මුදල් හම්බ කළ හැකි නීතිඥයකු වුණත්, පුංචි පඩියකට රාවයේ...