Posts

Showing posts with the label Palitha thewarapperuma

අලුත් මන්ත්‍රීන් දෙදෙනෙක් තවම හිරේ | Two new MPs of Sri Lanka still in jail

Image
(2010 අප්‍රේල් 11 -  W3Lanka )  මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීන් අතරින් දෙදෙනෙක් සිරකරුවෝ වෙති.  සරත් ෆොන්සේකා මේ අතර සිටින ප්‍රසිද්ධ ම සිරකරුවායි. ඔහු මනාප ලක්ෂයකට කිට්ටු ප්‍රමාණයක් ලබාගෙන තිබේ.  කලුතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් පනස් දහසකට අධික වැඩිම මනාප ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ එජාප මතුගම සංවිධායක පාලිත තෙවරප්පෙරුම ද ඉන්නේ රිමාන්ඩ් භාරයේ ය.  ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුරදී ඇමති මහින්ද සමරසිංහගේ හිතවතුන් පිරිසක් සමග ඇති වූ ගැටුමක් හේතුවෙන් පාලිත තෙවරප්පෙරුම රිමාන්ඩ් ගත කර සිටින අතර ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් අඩුවෙන්ම ඡන්ද ප්‍රචාරයේ යෙදුණු අපේක්ෂකයන් අතරින් එක් අයෙකි.  මේ අතර, සොරකම්, මංකොල්ල, අල්ලස්, දූෂණ, මිනීමැරුම්, අඩන්තේට්ටම්, ස්ත්‍රී දූෂණ ඇතුළු අපරාධ සම්බන්ධයෙන් හරි නම් හිරේ සිටිය යුතු පිරිසක් ද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබේ.