වීසි කරන්නට දරුවන් තනනා ලෝකය කා වනසන් පුතුනේ | The story of Manel Pushpalatha and her child Amila Sandaruwan thrown to the River Kalu near Kaluthara Bodhiya

(2010 මාර්තු 15- W3Lanka ) ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 2000 ඉක්මවා ඇතැයි පාලකයෝ උදම් අනති. සමාජය ශික්ෂාවන්ගෙන් සුපේශල යයි ආගමික නායකයෝ උදම් අනති. තමන් ජීවත් වන්නේ ලෝකෙන් ම උතුම් රටේ යයි ස්වයං මෝහනයට පත්ව සිටින ජනතාව උඩ පැන පැන ගොස් දූෂිත පාලකයන්ට ඡන්දය දෙති. බඩු මිළ අභ්‍යවකාශයේය. වැටුප් වැඩි වීම් කියා දෙයක් නැත. තරුණයන්ට රැකියා නැත. මිනිසුන්ට ආදායම් නැත. මව්පියන්ට දරුවන්ට කන්නට දෙන්නට දේ නැත. දරුවෝ හාමතේ ය. පිං කැටවලට කෝටි ගණන් මුදල් රැස් වන, නිතිපතා කිරෙන් නැහැවෙන බෝධියක් අසල ඇති කලුතර පාලම අසල කලු ගඟේ පාවුණ තුන් හැවිරිදි වියටවත් නොඑළඹුණු දරුවා ගඟට වීසි කරන්නට ඔහුගේ මව පොළඹවනු ලැබූ සමාජ අසාධාරණයේ කතාව ස්වර්ණවාහිනී තිරයේ ඊසි ටීවී දැන්වීම්වලින් වැසී නොපෙනී යද්දී කලු ගඟේ පාලම් ඇන්ද පවා සිය වංක සිනාවෙන් සපිරි මූණත්තහඩු ඇඳි කොළ කෑලි අලවා හැඩි කළ දේශපාලකයෝ එක් පෝස්ටරයක් වෙනුවෙන් මෙවැනි දරුවන් ලක්ෂ ගණනකගේ කුස පුරවන්න ආහාර මිළ දී ගත හැකි තරම් ධනය වැය කරති. දරුවා ගඟට විසි කළ මව තිස් හැවිරිදිය. ඒ වයසට එළඹෙන විට දරුවන් පස්දෙනෙකු ජනිත කරන්නට ඇයට සිදු වූයේ මන...