MH 17 ගුවන් යානය බිමහෙළීම රුසියාවේ 9/11ද?
ක්වාලාලම්පූර් සිට බීජිං බලා ගමන් ගනිමින් තිබූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 නම් ගුවන් යානය අතුරුදහන් වූයේ පසුගිය මාර්තු 8දා ය. යානයට හා එහි ගමන් ගත් මගීන් හා කාර්ය මණ්ඩලයට අයත් 239 දෙනාට සිදු වූ දෙය තවමත් අභිරහසකි. මැලේසියානු ගුවන් සේවයට අයත් MH 17 ගුවන් යානය කාර්ය මණ්ඩලය හා මගීන් ඇතුළු 298ක පිරිසක් සමග ජුලි 17දා ඇම්ස්ටර්ඩෑම් සිට ක්වාලාලම්පූර් බලා පියාසර කරමින් සිටියදී ගිනිකොණදිග යුක්රේනයට කඩාවැටුණේ මිසයිල ප්රහාරයකිනි. මැලේසියානු ගුවන් යානය වෙඩි තබා බිම හෙළුවේ නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් ප්‍රදේශයේ රුසියානු බස කතා කරන ජනයා අතර මුල් බැසගෙන සිටින බෙදුම්වාදී සංවිධානය විසිනි. රුසියානු සම්භවයක් ඇති මේ ජනයාගේ හිමිකම් වෙනුවෙන් රුසියාව පෙනී සිටින අතර යුක්රේන් රජය සමග සටන් කිරීම සඳහා රුසියාව ඔවුන්ට යුද ආධාර ද පිරිනමයි. ඩොන්බාස් මහජන මිලීෂියාවේ කැරැල්ල යුක්රේනයේ දකුණුදිග හා නැගෙනහිර ප්‍රදේශවල ව්‍යාප්ත වී තිබෙන යුක්රේන රජයට එරෙහි රුසියාවට පක්ෂපාත උද්ඝෝෂණවල කොටසකි. රුසියාව මේවාට ආධාර කරයි. කලින් සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් ලෙස රුසියාව සමග සමීපව පැවති යුක්රේනය බටහිර පක්ෂපා...