Posts

Showing posts with the label MH 370

MH 370 මැලේසියානු ගුවන් යානයේ අතුරුදහන් වීම සමාජ අර්බුදයක් ලෙස

Image
MH 370 නම් මැලේසියානු ගුවන් සේවයට අයත් ක්වාලාලම්පූර් සිට බීජිං බලා ගමන් ගනිමින් තිබූ ගුවන් යානය අතුරුදහන් වූයේ මාර්තු 8දා ය. සති දෙකකට වැඩි කාලයකට පසුව පවා මෙම සටහන තබන මොහොතේත් යානයට හා එහි ගමන් ගත් මගීන් හා කාර්ය මණ්ඩලයට අයත් 239 දෙනාට සිදු වූ දෙය අභිරහසකි. වින්දිතයන්ගේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ජනයා ඉල්ලා සිටින්නේ ගවන් යානයේ හා එහි ගමන් කළ මිනිසුන්ගේ ඉරණම පිළිබඳ සංයුක්ත සාක්කි ය. එහෙත්, මෙම මොහොත වන විටත්, එවැනි භෞතික සාක්කි කිසිවක් සොයා ගැනීමට හැකි වී නොමැත. සෙවීම සිදු වන්නේ චන්ද්‍රිකාවක් මගින් හඳුනා ගන්නා ලද සාධක මත පදනම්ව ය. සෙවීම සිදු වන මුහුදු කලාපය ඕස්ට්‍රේලියාව ආසන්නයේ දකුණුදිග ඉන්දියන් සාගරයේ ගැඹුරු හා පාළු සුවිසල් මුහුදු කලාපයක් වන අතර රළු කාලගුණය, අඩි 25,000ක් දක්වා .ගැඹුරු වූ මුහුදු පත්ලේ භූ විෂමතා හා ඉලක්ක ප්‍රදේශයේ සුවිසල්කම නිසා සාක්ෂි සපයා ගැනීම දුෂ්කර වී තිබේ. සාක්ෂි සොයා ගැනීමට අවුරුදු ගණනාවක් ගත වීමට ඉඩ ඇතැයි ද, ඇතැම් විට එය කළ නො හැකි දෙයක් වන්නට ද ඉඩ තිබෙන බව විශේෂයෝ පවසති. ගුවන් යානයේ කළු පෙට්ටියේ බැටරි තවමත් ක්‍රියාත්මකව තිබේ යයි සැලකෙන නිසා එයින් සංඥා ...