ජාත්‍යන්තර කොටි නායක කේ.පී. නිදහස් | Kumaran Pathmanathan alias KP now a free man
(2010 ජුනි 21, W3Lanka ) ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය වසරේ මහා ශබ්දයක් නඟමින් මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන ආ කොටි සංවිධානයේ ජාත්‍යන්තර නායක කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. දැන් නිදහස් කර ඇති බව වාර්තා වේ. ඔහු දැන් නිදහසේ රටතොට සංචාරය කරමින් සිටින බව ද දැනගන්නට තිබේ. ඒ බව තහවුරු වන පුවතක් අද දිනමිණ පුවත්පතේ පළ වී ඇත. ඒ මෙසේ ය: කොටි සංවිධානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ප්‍රධානි කුමරන් පද්මනාදන් ඇතුළු දෙමළ බුද්ධිමත්හු නව දෙනෙක් තමන් උගත් පාඩම් ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටිති. කැනඩාව, ස්විට්සර්ලන්තය, ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය, සහ ඕස්ට්‍රේලියාව යන රටවල දේශපාලන රැකවරණ ලබමින් සිටි කොටි හිතවාදීන් වූ මෙම පිරිස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් යන මහත්වරුන් හමුවී ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. නව දෙනෙකුගෙන් යුතු මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කුමරන් පත්මනාදන් දැඩි උත්සාහයක් ගත් අතර ඔහුද මෙම හමුවට එක්වී සිටියේය. කොටි හිතවාදීන් වූ මෙම වි...