Posts

Showing posts with the label Kilinochchi cabinet meeting

කිලිනොච්චි කැබිනට් රැස්වීම හා දෙමළ ජනයාට දුන් පණිවුඩය

Image
(2010 ජුලි 15,  W3Lanka )  කිලිනොච්චියේ කැබිනට් රැස්වීම ඓතිහාසික එකක් බව අමුතුවෙන් කියන්නට උවමනා නැත. රැස්වීම පැවැත්වීමට යන වියදම ගණන් බැලුවත් එය වැඩි ම වියදම්කාරී කැබිනට් රැස්වීම ලෙස ඉතිහාසගත වනු ඇත.  එය කැබිනට් රැස්වීමකට වඩා සංදර්ශනයකි. බලයේත්, ආධිපත්‍යයේත්, පරාජිත දෙමළ ජාතිකවාදයට එරෙහිව විජයග්‍රාහී සිංහල ස්වෝත්තමවාදයේත් සංදර්ශනයකි.  බඩු මිළ කෙතරම් ඉහළ ගියත්, කිලිනොච්චියේ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට හැකි වීම පිළිබඳව සිංහල ජනයා සතුටු වනු ඇත. රැස්වීම තිබ්බේ කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් මාලදිවයින හරහා වීසා නැතිව ලංකාවට පැමිණ සිය මුහුදු ගුවන් යානය ගොඩ බෑ ඉරනමඩු වැව ඉස්මත්තේ කලක් කොළඹට බියකරු සිහිනයක් ව තිබුණු කොටි ගුවන් හමුදාවේ යානා නතර කර තිබූ තැනට යාබදවයි.  ටකරං තහඩු හා ලී දඬු කීපයක් සමග ජීවිතය යළි ආරම්භ කර සිටින මිනිසුන් පිරිසක් වෙසෙන, එහෙමවත් ජීවිතය ආරම්භ කිරීමට නො ලැබූ ප්‍රදේශවාසීන් 40,000ක් තවමත් අවතැන් කඳවුරුවල හූල්ල හූල්ලා සිටින, මූලික පහසුකම් පවා නැති, විශාල භූමි භාගයක තවමත් බිම් බෝම්බ පවා ඉවත් නො කරන ලද කිලිනොච්චියේ ම මේ කැබිනට් සංදර්ශනය ...