Posts

Showing posts with the label Kelaniya

කැලනියේ බාර් ඇරලා | Liquor shops open in Kelaniya

Image
(2010 අප්‍රේල් 26 -  W3Lanka  )  අභිනව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ලෙස පත් වී සිටින මර්වින් සිල්වා අප්‍රේල් 08 දින පැවති මහ මැතිවරණයෙන් විශාල මනාප ප්‍රමාණයක් ලබාගෙන ජයග්‍රහණය කිරීමෙන් පසු ඔහු නියෝජනය කරන කැලනිය ආසනයේ මත්පැන් අලෙවි කිරීම තහනම් කර ප්‍රදේශයේ සාරධර්ම පිළිබඳ අදහස් රාශියක් දැක්වූයේ ය.  එම තහනම අතරතුර ද කැලනිය ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් අලෙවිය ගජරාමෙට සිදු විය. බැහැරින් අරක්කු ගෙන ඒමට යන මිනිසුන්ගෙන් ත්‍රිරෝද රියදුරන්ට හයර් වැඩි වී තිබුණු බව ද වාර්තා වේ. ඇතැම් ත්‍රිරෝද රියදුරෝ ජනමාධ්‍යවලට අදහස් දක්වමින් මර්වින් සිල්වා මන්ත්‍රීගේ ක්‍රියාව මහ ඉහළින් අගය කළහ. දැන් එකී මත්පැන් තහනම ඉවත් කර තිබේ. ඒ අනුව රජයට බදු ගෙවන මත්පැන්හල් මෙන් ම බදු නොගෙවා කැලනිය විහාරය සමීපයේ දේශපාලන බලයෙන් පවත්වාගෙන යන මත්පැන්හල් ද, හොර මත්පැන්හල් ද දැන් විවෘත ය.  මර්වින් සිල්වා මන්ත්‍රීවරයා කළ කතාවලට කුමක් සිදු වූයේදැයි නොදනිමු.  දැන් ඉතින් වැඩේ හරි යයි සිතූ බේබදු සැමියාගෙන් ගුට් කන ගැහැනුන්ට හා සැමියා හීනියට අඩියක් ගැසූ දාට ඇති සැප නොලැබීම යාවිදැයි දුක් වූ ගැහැනුන්ට...