Posts

Showing posts with the label KP

කේ.පී.ට සමාව දෙන එක වැරදි ද? | Is pardoning KP wrong?

Image
( 2010 අගෝස්තු 27,  W3Lanka )   ආණ්ඩුව කේ.පී.ට දී ඇති බව පෙනෙන සමාව ගැන සමාජයේ කතිකාවක් ඇති වී තිබේ. කලක් කොටි සංවිධානය සමග සම්මුතිය හා බලය බෙදා ගැනීම අවධාරණය කළ අය පවා දැන් කේ.පී.ට දුන් සමාව විවේචනය කරති. යුද්ධය ඇති නොවී සාම ක්‍රියාවලිය ඉදිරියට ගියේ නම් කේ.පී.ට පමණක් නොව ප්‍රභාකරන්ට ද නීතියෙන් මුක්තිය ලබා දීමට සිදු වේ. නේපාලයේ වඩාත් ම අවශ්‍යව සිටි කැරැලි නායකයා වන මාඕවාදී ව්‍යාපාරයේ නායක ප්‍රචණ්ඩා සාම ක්‍රියාවලිය ඔස්සේ පසු කලෙක එරට අගමැති වීම නිදසුනකි. ඇත්තෙන් ම කීවොත් බොහෝ දේශපාලන වීරයන් හා ත්‍රස්ත නායකයන් අතර වෙනසක් නැත. දිනන එකා වීරයා වී කිරුළු පළඳින අතර පරදින එකා ත්‍රස්තවාදියා වී සොහොන් බිමකට ද අහිමිව මිය යයි.  කේ.පී.ට සමාව දීම හා සමාන්තරව සරත් ෆොන්සේකාගේ තරු ගැලවීම ද සිදු විය. එහෙත්, මෙම ලිවීමේදී අපි එය කේ.පී.ට සමාව දීම හා සම්බන්ධ කර ගන්නේ නැත. මෙම සිද්ධි දෙක තුලනය කර ගැනීමේ අවුල ලිහා ගැනීම රාජපක්ෂ පාලනය විසින් කළ යුතුව ඇති දෙයකි. ආණ්ඩුව දෙමළ ඩයස්පෝරාවේ අභියෝගයට මුහුණ දීම පිණිස කේ.පී. උපයෝගී කර ගැනීම දීර්ඝකාලීනව කෙතරම් දුරට සාර්ථක වේ ද යන්න කාලය විසින් තීරණය...

ජාත්‍යන්තර කොටි නායක කේ.පී. නිදහස් | Kumaran Pathmanathan alias KP now a free man

Image
(2010 ජුනි 21,  W3Lanka )  ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය වසරේ මහා ශබ්දයක් නඟමින් මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන ආ කොටි සංවිධානයේ ජාත්‍යන්තර නායක කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. දැන් නිදහස් කර ඇති බව වාර්තා වේ. ඔහු දැන් නිදහසේ රටතොට සංචාරය කරමින් සිටින බව ද දැනගන්නට තිබේ. ඒ බව තහවුරු වන පුවතක් අද දිනමිණ පුවත්පතේ පළ වී ඇත. ඒ මෙසේ ය: කොටි සංවිධානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ප්‍රධානි කුමරන් පද්මනාදන් ඇතුළු දෙමළ බුද්ධිමත්හු නව දෙනෙක් තමන් උගත් පාඩම් ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටිති. කැනඩාව, ස්විට්සර්ලන්තය, ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය, සහ ඕස්ට්‍රේලියාව යන රටවල දේශපාලන රැකවරණ ලබමින් සිටි කොටි හිතවාදීන් වූ මෙම පිරිස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් යන මහත්වරුන් හමුවී ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. නව දෙනෙකුගෙන් යුතු මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කුමරන් පත්මනාදන් දැඩි උත්සාහයක් ගත් අතර ඔහුද මෙම හමුවට එක්වී සිටියේය. කොටි හිතවාදීන් වූ මෙම වි...