Posts

Showing posts with the label Jihad

නැඟෙනහිර බොහෝ මුස්ලිම් කල්ලි ආයුධ භාර නොදෙති

Image
(ජුලි 06, 2009) ජුලි 04දා වන විට අවි භාර දෙන ලෙස නැ‍ඟෙනහිර පළාතේ මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම්වලට කරන ලද දැනුම් දීමට ලැබී ඇත්තේ දුරුවල ප්‍රතිචාරයක් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.  අවසාන දිනය වන විට භාර දී තිබුණේ ටී 56 අවි 18ක් ඇතුළු සුළු අවි ප්‍රමාණයකි. එහෙත් මඩකලපු මධ්‍යම ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණතිලක ඉරිදා ලක්බිම නිව්ස් බුවත්පතට පවසා තිබුණේ නැ‍‍ඟෙනහිර සන්නද්ධ මුස්ලිම් කණ්ඩායම් සතුව ටී 56 250ක් පමණ ඇති බව ඔත්තු සේයා විසින් වාර්තා කර ඇති බවයි.  1990දී කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියේ සිදු වූ මහා මිනිස් ඝාතනයෙන් අනතුරුව එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාස විසින් ලබා දෙන ලද ආයුධ 600ක් නැඟෙනහිර මුස්ලිම් ජනයාට කොටින්ගෙන් ආරක්ෂ වීම පිණිස බෙදා දෙන ලද බවද, ඒවා රජයේ ආරක්ෂක හමුදාවලට එරෙහිව භාවිතා නොවූ බවද නැඟෙනහිර පළාත් සභාවේ ඇමති එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා පවසයි.