Posts

Showing posts with the label India

සීපා එපා ද?

Image
ඉන්දු ලංකා විස්තීර්ණ ආර්ථික ගිවිසුම හෙවත් CEPA ලබන වසර අවසන් වන විට සකසා ගත හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති මෝදි සමග සාකච්ඡා පැවැත්වීමෙන් පසු කරන ලද ප්‍රකාශයෙහි සඳහන් කළේ ය. දිනමිණ පුවත්පත එය වාර්තා කරන්නේ මෙසේ ය: “ඉන්දියාව සමග ස්ථිර වෙළෙඳ සහ ආර්ථික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙනවා. මේ සඳහා රටවල් දෙකේම පෞද්ගලික අංශවල දායකත්වය ලබා ගැනීම වැදගත් වෙනවා. මේ පිළිබඳව අප දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඊ ළඟ අවුරුද්දේ රටවල් දෙක අතර ස්ථිර ආර්ථික ගිවිසුමකට එළැඹීමට හැකි වෙතැයි බලාපොරොත්තු වෙනවා." මේ වන විටත් සීපා ගිවිසුම සම්බන්ධයෙන් ඇතැම් දේශීය ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන් වෙතින් දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ. සීපා ගිවිසුමත් සමග භාණ්ඩ මෙන් ම සේවා වෙළඳපොළ ද විවෘත වන නිසා අලුත් තත්වයට හැඩගැසීමට තමන්ට බැරි වනු ඇති බවට හා තමන් විනාශ වනු ඇති බවට බියක් ඔවුන් අතර තිබේ. ඔවුහු තම බිය සමාජයේ පතුරුවා හරිමින් සිටිති.  සීපා විරෝධය සම්බන්ධයෙන් මේ කරුණත් සඳහන් කළ යුතු ය. සීපා විරෝධී උද්ඝෝෂණයේ ඉදිරියෙන් ම සිටින ඇතැම් ව්‍යාපාරිකයන් බාල නිෂ්පාදන වැඩි මිළට අලෙවි කරමින් ජන...

W3Lankaත් ඉන්දියාවට දෙනවාද? | Is W3Lanka also giving way to India?

Image
සාම්පූර් අනාථයන්ගේ වත්මන් ජීවිතය (2010 ජුනි 01,  W3Lanka )   නව සමසමාජ පක්ෂයේ නිල පුවත්පත වන හරය පසුගිය කලාපයේ ප්‍රධාන සිරස්තලය වූයේ 'මහින්ද ඉන්දියාවට දෙයි' යන්නයි. ඉන්දියාව අපව කන්න ඉන්න යකෙක්ද? යන මැයෙන් අප පළ කළ ලිපිය කියැවූ අපේ මිතුරකු අපෙන් ඇසුවේ අපත් ඉන්දියාවට දෙන්න යනවාද කියා ය. මෙහිදී අපට අවශ්‍ය වූයේ වමේ ගතානුගතිකත්වයට අභියෝග කිරීමටයි. සමාජ ප්‍රගමනය සඳහා කරන අරගලයේදී පැතලි සටන් පාඨවලට වඩා වැදගත් වන්නේ යථාර්ථවාදී දැක්මකි.  ගතානුගතික සටන් පාඨවලින් ඔබ්බට චලනය වීමට නොහැකි නම් වමට ද ඉදිරි ගමනක් නැත. අපගේ අදහස් දැක්වීමෙන් ඒ පිළිබඳ සංවාදයක් ඇති වීම පිළිබඳව සතුටු වෙමු. එහෙයින් හොරට නිදා සිටින වාමාංශික පණ්ඩිතයන් ද සංවාදයට කුමන අයුරකින් හෝ සම්බන්ධ වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ඉන්දියාව පිළිබඳ බොහෝ වාමාංශිකයන්ට ඇති ඍන අදහස් සමග ගැටී ඉන්දියාව අපුල්ලා සුදු කිරීමට අපට උවමනාවක් ද හැකියාවක් ද නැත. ඇත්ත! රාමචන්ද්‍ර කියන හැටියට ම සාම්පූර්හි අනාථයන් කදවුරුවල සිටියදී ඔවුනගේ භූමිය ඉන්දීය සමාගම් විසින් පවරා ගැනීම ගැන කතාකිරීම "සංරක්ෂණවාදයක්" නෙමෙයි. ඉන්දියාවේ ව්‍යාප්ත...

ඉන්දියාව අපව කන්න ඉන්න යකෙක්ද? | Is India aiming to eat Sri Lanka?

Image
(2010 මැයි 31,  W3Lanka )   ජුනි 03 සිට 05 දක්වා ඉන්දීය ජාත්‍යන්තර සිනමා ආයතනයේ IIFA සිනමා උළෙල ලංකාවේ පැවැත්වේ. මෙය ඉන්දියාව විසින් පශ්චාත් යුද කාලීන ලංකාවේ සාමාන්‍ය තත්වය ඇති වීම ලෝකයට ප්‍රදර්ශනය කිරීම සඳහා ලබා දුන් තෑග්ගක් ලෙස සැලකීම වරදක් නැත. ලංකාවේ ආර්ථිකයට චීනය කරන මැදිහත්වීම පිළිබඳ ඉන්දියාව ඉන්නේ පරීක්ෂාවෙනි. එහෙයින්, ලංකාවේ රාජ්‍ය නායකයන් සිය බලාධිකාරය තුළ රඳවා ගැනීම පිණිස ඉන්දියාව සියුම් ලෙස කටයුතු කළේ ය. ලංකාවේ බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ලලිත් වීරතුංග වැනි දේශපාලන නායකයන් මෙම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රීඩාව තුළ සියුම් ලෙස කටයුතු කළ අතර මේ වන විට ලංකාවේ හා ඉන්දියාවේ රාජ්‍ය නායකයන් කටයුතු කරන්නේ එකිනෙකාගේ අවශ්‍යතා පිළිබඳ මනා අවබෝධයකින් යුතුවයි. නිදසුනක් ලෙස, ඉන්දියාවට ලංකාවේ දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවශ්‍යව තිබෙන්නේ 1987 ඉන්දු ලංකා ගිවිසුම අනුව ගෙන එන ලද පළාත් සභා ක්‍රමය පූර්ණ අන්දමින් ක්‍රියාත්මක කිරීමටයි. එහෙත් ලංකාවේ පාලකයන් දෙමළ ජනතාව සමග බලය බෙදා ගැනීමට අකැමැති සිංහල ස්වෝත්තමවාදීන් පිරිසක් බව ඉන්දියාව දනියි. එහෙත්, ඔවුන්ට ඕනෑ හැටියට නටන්නට දුන්නොත්...

ලංකාවට ඉන්දියාවෙන් උගත හැකි පාඩම නම් භාෂා ආගමික භේදයකින් තොරව සෑම ඉන්දියානු පුරවැසියකුම සමාන වීමයි - රාමචන්ද්‍ර ගුහා

Image
(ජුලි 05, 2009) එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව අත් කර ගත් ජයග්‍රහණය සමග ජයෙන් පිනා ගිය තත්වයකට පැමිණීම ශ්‍රී ලංකාවට විපත්තිදායක බවද, මෙය ප්‍රජාතන්ත්‍රවාදයට හා බහුත්වවාදයට අවස්ථාවක් දීමට කාලය බවද ඉන්දියාවේ බැංගලෝර්වාසී කීර්තිමත් ඉතිහාසඥයකු හා චරිතාපදාන රචකයකු වන රාමඩන්ද්‍ර ගුහා පවසයි. ලන්ඩනයේදී 2009 වසරේ නේරු අනුස්මරණ දේශනය "දකුණු ආසියාවේ සහ ඉන් ඔබ්බෙහි ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රඩණ්ඩත්වය" මැයෙන් පවත්වමින්, ජම්මු හා කාශ්මීරයත් ශ්‍රී ලංකාවත් අතර සමානත්වය පෙන්වා දෙමින් ගුහා පවසන්නේ කාශ්මීරය ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදයට කළු පැල්ලමක් වන්නේ යම් සේ ද දෙමළ ජනයාට සලකන ආකාරය ලංකාවේ ප්‍රජාතනත්‍රවාදයේ අසාර්ථකත්වයේ සංඥාව බව පවසයි. භාෂාව, ඇඳුම හා විශ්වාසයන් විෂයෙහ් සංස්කෘතික බහුවිධභාවය ප්‍රජාතන්ත්‍රවාදයේ බැරෑරුම් කොටසක් බව ද, ලංකාවේ උතුරේ මැතිවරණ දූෂණවලට අමතරව, භාෂාව හා ආගම සම්බන්ධයෙන්ද වෙනස් කොට සැලකීම් ඇති බව ද ගුහා කීවේය. 1956දී සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමෙන් ඇරඹුණු සිංහලය සුපිරි තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය 1972දී බුද්ධාගම නිල ආගම බවට පත් කිරීමෙන් තීව්‍ර වූ බවද, එමගින් බ...