රාජපක්ෂ රෙජිම විසින් සොරකම් කරන ලද ධනය සොයන්නට ඉන්දියාවේ සහාය
රාජපක්ෂ රෙජිම විසින් සොරකම් කරන ලද ඩොලර් බිලියන පහක් පමණ වන මහජන ධනය සෙවීම සඳහා ලංකාවේ රජයට අවශ්‍ය විශේෂඥභාවය ලබා දීමට ඉන්දියාව ඉදිරිපත් වී තිබේ. මුල්‍ය රහස් තොරතුරු ඒකකයක් පිහිටුවීමට ලංකාවට ඉන්දීය සහාය ලබා දෙන බව ඉන්දියා ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. සම්පූර්ණ වාර්තාව මෙතැනින් කියවන්න. ඩොලර් බිලියන පහක් යනු රුපියල් කෝටි හැටපන්දාහක් පමණ වන සුවිසල් ධනස්කන්ධයකි. මෙයින් කොටසක් හෝ ආපසු ලබා ගත හැකි නම්, එය ණය ආපසු ගෙවීමට යෙදවිය හැකි ය. රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ අන්තේවාසිකයන් විසින් සොරකම් කර තිබෙන්නේ අනාගත පරම්පරා ගණනාවක් උගස් කර ණයට ලබා ගත් මුදල් ය. ඔවුන් විසින් සොරකම් කර තිබෙන මුදලේ සුවිසල්කම කෙතරම් ද යත්, අතුරු අයවැයෙන් යෝජනා කරන ලද ගැබිනි මව්වරුන් සඳහා ලබා දෙන රු. විසිදහසේ දීමනාව මේ ප්‍රමාණයෙන් මුළු රටට ම වසර 650ක් ගෙවීම සඳහා එය ප්‍රමාණවත් ය. ඉන්දියාව විසින් ලබා දෙන මෙම උපකාරය තුළ දැකිය හැකි දේශපාලනික දර්ශක කීපයකි තිබේ. රාජපක්ෂ රෙජිම මේ සොරකම කළේ චීනයේ සහයෝගය ඇතිවයි. ඉන්දියාව ඒ මුදල් ආපසු ලබා ගැනීම සඳහා ලංකාවට උපකාර කරයි. දේශපාලනික වශයෙන් ලංකාව චීනයෙන් ඈත් ව...