ජනාධිපති නාවන්න වීඩියෝවක් හදා ඇදගෙන නා ගත් අරෝෂ ප්‍රනාන්දු
ජනාධිපතිවරයාගේ 2016 වසරේ නිල ගීතය ලෙස දියත් වූ ගීතය මේ වන විට නො නිල මට්ටමට වැටී තිබේ. මෙම ගීතය සමග සම්බන්ධයෙන් ඉවත් වීමට ජනාධිපතිවරයා ගත් තීරණය ලංකාවේ සමාජ මාධ්‍ය සතු බලය පෙන්වන්නකි. ජනාධිපතිවරයා රජකුට ඇන්දවූ, මහින්ද රාජපක්ෂගේ විලාසිතාවේ ගොන් ආතල් එකක් වූ මෙම වීඩියෝව අන්තර්ජාලයට නිකුත් වූ සැණින් මතු වූ දැවැන්ත විරෝධය නිසා අන්තිමේදී එය යූටියුබ් වෙතින් ද ඉවත් කරගෙන තිබේ. එය ඉවත් කර තිබෙන්නේ විස්ටා කැපිටල් ප්‍රයිවට් ලිමිටඩ් නම් ආයතනයක ප්‍රකාශන හිමිකම් ඉල්ලීමක් මත බව යූටියුබ්හි සඳහන් වේ. විස්ටා කැපිටල් යනු ආයෝජන උපදේශන සමාගමකි. එය පිළිබඳ විස්තර මෙතැනින් . එහි අධ්‍යක්ෂ මණ්ඩලය මෙතැනින්. මේ වන විට මෙම ගීතයේ නිර්මාපකයන් ලෙස හෙළිදරව් වී තිබෙන්නේ පහත සඳහන් අයයි. නිෂ්පාදක: ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු සංගීත නිර්මානය: දර්ශන රුවන් දිසානායක ගීත රචනය:අමිල තේනුවර ගායනය: තුසිත් සිම්සන් / තිලිණ සුදේශ් ජනාධිපති ලේකම් විසින් මෙවැනි ජනාධිපති ගීයක් නැති බව සඳහන් කරමින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය සමග ඩේලි නිව්ස් පුවත්පත විසින් ඡායාරූප කීපයක් පළ කර තිබේ. එම ඡායාරූප...