Posts

Showing posts with the label CWE

ජොන්ස්ටන් එජාපයේ සිටියදී සතොස කෑ හැටි | How new Sri Lanka Minister of Food and Cooperatives destroyed CWE

Image
ඒ කාලෙ (2010 අප්‍රේල් 30 -  W3Lanka )   පසුගිය එක්සත් ජාතික පක්ෂ පාලන සමයේදී ඇතැම් ඇමැතිවරු පිටරටින් භාණ්ඩ ආනයනය කළ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගෙන ඔවුන්ට රිසි සේ වෙළෙඳ පොළේ බඩු මිල වැඩි කර පාරිභෝගිකයා ගසා කෑමට ඉඩහැර ස.තො.ස. වසා දමා සේවකයන් 3500කට රැකියා අහිමි කළ බවත් ආහාර හා සමුපකාර ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි. මේ අපරාධය කළ බව කියන ඇමතිවරු සිටින කැබිනට් මණ්ඩලයේ ජොන්ස්ටන් ද සිටියේය. එවකට ඔහු ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති ය. එසේ ම මීට පෙර ආහාර හා සමුපකාර විෂය භාරව සිටි බන්දුල ගුණවර්ධනත් සිටියේ ය. මේ තීරණ ගන්නා අවස්ථාවලදී ඔවුන් ඒවාට විරෝධය පළ කළ බවට කිසිදු වාර්තාවක් නැත. මේ කියන අපරාධ කිරීම සඳහා තීරණ ගනු ලැබුවේ මේ දෙන්නා ම සිටි කැබිනට් මණ්ඩලය විසිනි. එම තීරණ ඒ අනුව සාමූහික තීරණ වේ. කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම අනුව මෙම වැරදිවලට මේ දෙන්නා ද වගකිව යුතු ය.