Posts

Showing posts with the label CTB

2009 ලංගම බසයක් දුවන්නේ දිනකට කිලෝමීටර 1/2යි; ආදායම රු. 20යි; 13කට පඩි

Image
(2010 ජුනි 19,  W3Lanka )  පසුගිය දිනෙක මෙම ලේඛකයා සවස 7.30ට පමණ සිය ගම් ප්‍රදේශය බලා දිවෙන ප්‍රධාන මාර්ගයක මෝටර් සයිකලයෙන් යමින් සිටියදී බස් නැති නිසා පයින් යමින් සිටි ගම් වැසියකු දැක 'ලිෆ්ට්' එකක් දුන්නේ ය. යන අතරමගදී ලේඛකයා අර ගම්වැසියා කරන රැකියාව විමසී ය. ඔහු කීවේ දැන් ඔහු වැඩ කරන්නේ ලංගම රත්මලාන ඩිපෝවේ බවයි. ඔහු රැකියාවට දමා තිබුණේ එම ප්‍රදේශය නියෝජනය කරන වත්මන් ප්‍රවාහන ඇමතිවරයා විසිනි.  මෙම පුද්ගලයා නිසි අධ්‍යාපනයක් හෝ වෘත්තීය පුහුණුවක් ලැබූවකු නොවන බව දැන සිටි හෙයින් ඔහුගේ තනතුර කුමක්දැයි ලේඛකයා  ඇසී ය. "මම මිකැනික්," යි ඔහු කීවේ ය. ඔහු කිසියම් මෝටර් කාර්මික පුහුණුවක් ලබා තිබේදැයි ඇසූ කල ඔහුගේ පිළිතුර වූයේ නැත යන්නයි. මේ අපේ රටේ සාමාන්‍ය ජනයාගේ මිහින් ලංකාව වන ලංගම කාර්මිකයකුගේ තත්වයයි.  ප්‍රවාහන නියෝජ්‍ය ඇමති රෝහණ දිසානායක ම පවසන පරිදි ලංගම එක් බසයකින් සේවකයෝ 13ක් පඩි කති. (අද සිළුමිණ බලන්න) එහෙත් තිබෙන බව කියන බස් 5500 දුවවන්නට රියදුරෝ, කොන්දොස්තරු නැත. අලුත්වැඩියා කටයුතු සඳහා කාර්මිකයෝ නැත. ඉන්න තරමක් ඉන්නේ ආරක්ෂක නිලධාරීහු හා ලිපිකරුවෝ ය. ...