සීපා එපා ද?
ඉන්දු ලංකා විස්තීර්ණ ආර්ථික ගිවිසුම හෙවත් CEPA ලබන වසර අවසන් වන විට සකසා ගත හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති මෝදි සමග සාකච්ඡා පැවැත්වීමෙන් පසු කරන ලද ප්‍රකාශයෙහි සඳහන් කළේ ය. දිනමිණ පුවත්පත එය වාර්තා කරන්නේ මෙසේ ය: “ඉන්දියාව සමග ස්ථිර වෙළෙඳ සහ ආර්ථික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙනවා. මේ සඳහා රටවල් දෙකේම පෞද්ගලික අංශවල දායකත්වය ලබා ගැනීම වැදගත් වෙනවා. මේ පිළිබඳව අප දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඊ ළඟ අවුරුද්දේ රටවල් දෙක අතර ස්ථිර ආර්ථික ගිවිසුමකට එළැඹීමට හැකි වෙතැයි බලාපොරොත්තු වෙනවා." මේ වන විටත් සීපා ගිවිසුම සම්බන්ධයෙන් ඇතැම් දේශීය ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන් වෙතින් දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ. සීපා ගිවිසුමත් සමග භාණ්ඩ මෙන් ම සේවා වෙළඳපොළ ද විවෘත වන නිසා අලුත් තත්වයට හැඩගැසීමට තමන්ට බැරි වනු ඇති බවට හා තමන් විනාශ වනු ඇති බවට බියක් ඔවුන් අතර තිබේ. ඔවුහු තම බිය සමාජයේ පතුරුවා හරිමින් සිටිති. සීපා විරෝධය සම්බන්ධයෙන් මේ කරුණත් සඳහන් කළ යුතු ය. සීපා විරෝධී උද්ඝෝෂණයේ ඉදිරියෙන් ම සිටින ඇතැම් ව්‍යාපාරිකයන් බාල නිෂ්පාදන වැඩි මිළට අලෙවි කරමින් ජන...