Posts

Showing posts with the label Burning Times

ස්ත්‍රී දූෂක දේශපාලනයට එරෙහිව චන්ද්‍රිකා

Image
මධ්‍යතන යුගයේදී බලවත් ගැහැනුන් මායාකාරියන් ලෙස සලකා වධ දී මරා දැමූ ආකාරය.  චන්ද්‍රිකාට එරෙහිව මේ ආණ්ඩුව විසින් එල්ල කර තිබෙන ප්‍රහාරය ගැන පොදු විපක්ෂය මීට වඩා කතා කළ යුතු ය.  මම පෞද්ගලිකව චන්ද්‍රිකාට කැමති නැත. ඇය හා මහින්ද රාජපක්ෂ යන දෙදෙනාගෙන් එක් අයෙකු තෝරා ගන්නැයි කීවොත් මම ඇය තෝරා ගන්නේ නැත. එහෙත් ඇය ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂකයා වී නැත. ඒ නිසා ඒ ප්‍රශ්නය අදාළ නො වේ.  ඇය මේ රටේ හිටපු ජනාධිපතිවරියකි. එසේ ම, ඇය විජය කුමාරතුංග නම් ප්‍රගතිශීලී දේශපාලනඥයාගේ බිරිඳයි. ඔහු ඝාතනය වූයේ දේශපාලනික හේතු නිසා ය.  එසේම ඇය ද කොටි සංවිධානයේ බෝම්බ ප්‍රහාරයකින් අනූ නවයෙන් දිවි බේරා ගත් අයෙකි. ඇයට එයින් ඇසක් අහිමි විය.  ඇගේ පාලන කාලය තුළ ඇය මේ රටේ ජනප්‍රිය නායිකාවකි. ඇය කළ මුල් ම වරද ඇය කෙරෙහි ජනතාව විසින් තබන ලද බලාපොරොත්තු ඉටු නො කිරීමයි. ඇය වරක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ගෙන ආවා ය. එහෙත් ඇයට එය ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය සහයෝගය නො තිබිණි. අද පොදු විපක්ෂයේ තේමා බවට පත් වී ඇති, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, යහපාලනය පිහිටුවීම...

‛ගිනිගත් සමය‛ සහ ලංකාවේ ස්ත්‍රී බලය | 'Burning Times' and the power of Sri Lankan woman

Image
( 2010 අගෝස්තු 24,  W3Lanka  - අජිත් පැරකුම් ජයසිංහ )  ඩැනා රීඩ්ගේ Burning Times යනු මධ්‍යතන යුගයේදී යුරෝපය, ඇමරිකාව සහ අප්‍රිකාව පුරා පැතිර ගිය මායාකාරියන් ඝාතනය කිරීමේ (witch hunting) ක්‍රියාවලිය පිළිබඳ නිර්මානය වූ අපූරු වාර්තා චිත්‍රපටයකි. පුරාතන යුගයත්, පුනරුද යුගයත් අතර අඳුරු යුගයට අයත් 12, 13, 14 සියවස්වලදී වසර 300ක කාලය තුළදී ස්ත්‍රීන් මිලියන නවයක් හෙවත් ලක්ෂ 90ක් මායාකාරියන් ලෙස හඳුනාගෙන ඝාතනය කරන ලදී. මෙය වනාහි ලෝකයේ ස්ත්‍රී වර්ගයා මත පනවන ලද ඓතිහාසික සමූහ හිංසනයකි. සංහාරයකි. එහෙත්, පුරුෂ මූලිකත්වය තහවුරු වූ නූතන සමාජයේ අද එම සංහාරය පිළිබඳව සාකච්ඡා කෙරෙනුයේ ඉතා මඳ වශයෙනි. චිත්‍රපටයෙහි ම තැනක සඳහන් වන ආකාරයට ‛ඉතිහාසය ලියනු ලබන්නේ ජයග්‍රාහකයන් විසිනි.‛ කෲර වධ බන්ධනයට ලක් කර, පණ පිටින් පුළුස්සා හෝ දියේ ගිල්වා ඝාතනය කරන ලද මේ ස්ත්‍රීහු කවරහු ද? නවීන විද්‍යාව හා සමාජ පරිණාමය විසින් මායාකාරිය පිළිබඳ පැරණි අර්ථකථනය වෙනස් කර, ඇය හුදු සාහිත්‍යමය ප්‍රබන්ධ චරිතයක් බවට පත් කර තිබෙනමුත්, මධ්‍යතන යුගයේදී මායාකාරිය යනු සමාජයේ ජීවත් වූ යම් බලයක් සහිත ස්ත්‍රියකි. ...