Posts

Showing posts with the label Barbaria

නඩුකාර හාමුදුරුවෝ ගලේ පැහැරුවා වගේ (බාබේරියානු පුවත්)

Image
(Source: Albert Bigelow Paine,  Thomas Nast: His Period and His Pictures , 1904.)   බාබේරියාවේ සිට සෝම්බේරි අයියා වාර්තා කරයි. ලංකාවේ අධිකරණය ස්වාධීන බව අසා ඇත. ඒ වුණාට බාබේරියාවේ එහෙම නැත. බාබේරියාවේ අධිකරණය පක්ෂපාතීය.පක්ෂපාතී ඒ රටේ රජ පවුලට හා රජ පවුලට ගැති හෙංචයියලාටය. ළඟදී එහේ මැතිවරණයක් පැවැත්විණි. මැතිවරණ කියන්නේ මෙහෙම ජාතියකි. රජ පවුලේ කට්ටිය තමන්ගේ මාළිගාවේ ඉඳුල් කමින් පැහැනිපත් කරන එක එක කට්ටිය ඡන්දයට දමා රජයේ ඇමතිවරු, නිලධාරි, වාහන, ෆයිල් කවර, ඩස්බින් ආදී හැම එකක්ම පාවිච්චි කරමින් ඒ ගොල්ලන්ට ඡන්දය දෙන්නැයි කිය කියා මාසයක් විතර ඇවිදිති. විපක්ෂයේ කට්ටිය තමන්ට ඡන්දය දෙන්නැයි කියා කියන විට ඒ හඬ නෑසී යන පරිදි හයියෙන් ආණ්ඩුවේ කට්ටිය අපට ඡන්දය දෙන්නැයි කියති. විපක්ෂයේ එවුන් ඔනෑවට වඩා සද්දෙ දාගෙන ආවොත් රජයේ දේපලකින් ඔවුන්ට පහර දෙති. විපක්ෂය කියන්නේ ආණ්ඩු පක්ෂයට රිංගා ගන්නට ඉඩක් හැදෙන තෙක් බලා සිටින කට්ටියක් නිසා ආණ්ඩු පක්ෂය විපක්ෂය කියා දෙකක් ‍බාබේරියාවේ නැත. ආණ්ඩුවේ කට්ටිය නඟන මහා ඝෝෂාව හමුවේ ජනතාවගේ කණ ගිනිකණ වැටේ. ඒ රටේ මහජනතාව ලංකාවේ මෙන් බුද්ධිමත් නැති ...

බාබේරියාවෙන් ලියුමක් - A Letter from the Land of Barbarians

Image
මේ ලිපිය ලියන මම බාබේරියාවේ පුරවැසියෙක්මි. මේ බ්ලොගය ලියූ පැරාට හා පැරාට උපදෙස් දෙන මෙම බ්ලොගයේ කමෙන්ටුකරුවන්ට තමන් ජීවත් වන රට කොයි තරම් හොඳ එක්දැයි තේරුම් ගනු පිණිස මා ජීවත් වන බාබේරියාව ගැන විස්තර දිගටම මෙම බ්ලොගයට ලියන්නට අදහස් කරමි. බාබේරියාව බටහිර අධිරාජ්‍යවාදී, දුප්පත්, ඒකාධිපති, ෆෙඩරල් රටකි. එහි අගනුවර කෝලම්පූර් නම් වේ. බහුතර ජනයා පේට්‍රියට්වරු වන අතර සුළුතරය ට්‍රේටර්වරු වෙති.  රට පාලනය කරන්නේ සුළුතරය විසිනි. ඔවුන්ගේ භාෂාව බාබේරියන් භාෂාව ය. ප්‍රධාන ආගම මුදල් ය. විනිමය ඒකකය ලේ ය. රටේ පාලකයා මහජන ඡන්දයෙන් පත් වන රජෙකි. රට පාලනය කරන්නේ රජුගේ පවුල විසිනි. මහජන නියෝජිතයන්ට කතා පවත්වන්නට කතා සාප්පුවක් තිබේ. මේවා ගැන විස්තර පසුව ලියමි. ඔය රටේ මෙන් මෙහි මාධ්‍ය නිදහසක් නැත. මේ රටේ බ්ලොග්කරුවන් ජීවත් වන්නේ අතිශය අනතුරුදායක තත්වයක නිසා මෙසේ මේ බ්ලොගයට ලියන්නට ‍තීරණය කළෙමි. බාබේරියාවේ අපට මෙහෙම අන්තර්ජාලයෙන් එක එක ඒවා ප්‍රසිද්ධ කරන්නට බැරිය. ඔහේ මෙන් නොව, මෙහේ ආණ්ඩුව වෙබ් සයිට්වලින් පවා මුදල් අය කරයි. බාබේරියාවේ මිනිස්සු ඔහේ 'ජනතාව' මෙන් බුද්ධ...