Posts

Showing posts with the label Bacillus thuringiensis israelensis

කොමිස් කාක්කන්ගේ හතර බීරි කතා: බී.ටී.අයි. අද නොවෙයි හෙට!

Image
( 2010 අගෝස්තු 29,  W3Lanka )  කොමිස් කාක්කන්ට මිනිස් ජීවිත වැදගත් නැත. ඒ අතින් ඩෙංගු මදුරුවාට වඩා කොමිස් කාක්කා භයානක ය. මදුරු උවදුර මර්දනය කිරීම සඳහා යෙදීමට යෝජිත බී.ටී.අයි. බැක්ටීරියාව තවමත් 'අද නොවෙයි හෙට ය.' ඇයි ඒ? ‍ මෙන්න බළලා සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති මහින්දානන්ද අමරවීරගේ මල්ලෙන් එළියට පැන ඇත. ඔහු අද 'ද නේෂන්' පුවත්පතට කියන පරිදි දේශීයව නිපදවන ලද බී.ටී.අයි. බැක්ටීරියා ලීටරයක මිළ රු. 2750ක් වන අතර කියුබානු බැක්ටීරියාව ඊට වඩා මිළ වැඩි ය. 'ද නේෂන්' පුවත්පතේ සඳහන් වන පරිදි කියුබාවෙන් බී.ටී.අයි. බැක්ටීරියා ලීටර 30,000ක් ඇණවුම් කර තිබෙන අතර ඒ සඳහා පිරිවැය රුත මිලියන 35කි. ඒ අනුව බැලුවොත් නම් කියුබානු බැක්ටීරියාවේ මිළ රු. 1167ක් පමණි. එක්කෝ 'ද නේෂන්' ගණන් දන්නේ නැත. නැතිනම් මහින්දානන්ද අමරවීර ගණන් දන්නේ නැත. නැතිනම් මේවා කියවන ජනතාව ගණන් දන්නේ නැත. එහෙමත් නැතිනම් මේ ලියන අපට පිස්සු ය. කොහොමින් කොහොම හෝ දේශීය බැක්ටීරියාව මිළ අඩු නම් එය මිළ දී නො ගෙන කියුබාව දෙස බලාගෙන සැප්තැම්බර් මැද භාගය වනතුරු සමෘද්ධි නිලධාරීන් ගස් බැඳ බැඳ ආණ්ඩුව බලා ඉන්නේ ඇයි...

ඩෙංගු මදුරුවාට බැක්ටීරියා ප්‍රහාරයක්

Image
මදුරු උවදුර මර්දනය කිරීම සඳහා Bti (Bacillus thuringiensis israelensis) නම් බැක්ටීරියාව ඇමරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කර භාවිතා කිරීම‍ට කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. මේ වන විට ඩෙංගු උවදුර භයානක අන්දමින් රට පුරා පැතිරෙමින් ඇති අතර රෝගීන් සිය ගණනක් මිය ගොස් තිබේ. මදුරුවන් බෝ වන තැන්වලට Bti බැක්ටීරියාව යෙදූ කල එහි බීජානු මගින් නිකුත් කරනු ලබන ප්‍රෝටීනයක් මදුරු කීටයාට අවශෝෂණය වී ඌ ආහාර නොගෙන දින කීපයකින් මිය යන බව goodbug.com වෙබ් අඩවිය පවසයි. හොඳ ප්‍රතිඵල සඳහා එය නිශ්චිත කාල වකවානුවකට වරක් දිගටම යෙදිය යුතුය. මෙම බැක්ටීරියාව මිනිසාට අහිතකර නොවන මුත් එය බොන වතුර සඳහා යෙදීමට නිර්දේශ කර නැත.