අප්‍රේල් 01 මෙරට ජාතික දිනය කරනු! | Declare April 01 our national day
(2010 මාර්තු 23- W3Lanka ) අප්‍රේල් 01දාට ඇත්තේ තව සතියකටත් අඩු කාලයක් බැවින් විශේෂයෙන් ම සිංහල ජනතාව මෙම යෝජනාව හදිසි කාරණයක් ලෙස සලකා කටයුතු කළ යුතුව තිබේ. ලෝකය පුරා ම අප්‍රේල් 01දා මෝඩයන්ගේ දිනය ලෙස සැලකුන ද ලංකාවේ මිනිසුන්ට නම් මෙම දිනය ඊට වඩා ජාතික වැදගත්කමකින් යුක්ත ය. අප්‍රේල් 08දා ලංකාවේ මහ මැතිවරණයක් පැවැත්වේ. මේ මැතිවරණයේදී ලංකාවේ මිනිසුන් ඡන්දය දෙන්නේ ළමයා ඉස්කෝලෙකට දමා ගැනීම සඳහා ලියුමක් ගැනීම, රැකියාවක් සොයා ගැනීම, පාර කොංක්‍රීට් කර ගැනීම වැනි කාරණා සඳහා ය. දැන් හැට දෙවසරක් තිස්සේ ලාංකිකයෝ මන්ත්‍රීවරු පත් කරති. ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව තිබෙන්නේ නීති සම්පාදනයට මිස බෝක්කු, පාලම් හැදීමට නොවන බව ලාංකිකයෝ නොදනිති. ඔවුන් විසින් පාර්ලිමේන්තුවට යවනු ලබන බෝක්කු පොරවල් ද ඒ බව දන්නේ නැත. උන්ගෙන් ඇතැමෙක් සිතන්නේ රටේ නීතිය විය යුත්තේ තමන් ය කියායි. මන්ත්‍රීන් ඇතුළු රජය නඩත්තු කිරීම සඳහා මේ රටේ ජනතාව ගැලේ බැන්ද ගොනුන් ලෙස වැඩ කර දහ දුක් විඳ බදු ගෙවති. එහෙත් බදු ගෙවන බව නොදනිති. ඔවුන් සිතන්නේ ලාම්පු තෙල් බෝතලය අරාබියෙන් එනකොටත් මේ ගාන ම යයි කියා ය. පිටි ...