අයවැයෙන් රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩි වන හැටි මෙන්න! | How salaries of public and private sector employees increased from 2011 budget of Sri Lanka
( 2010 නොවැම්බර් 23, W3Lanka ) අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කළා ද? නැද්ද? අද උදෑසන රටේ ප්‍රධාන ජනමාධ්‍ය ඔස්සේ මෙම පැනයට පිළිතුරු සෙවීමට වෙහෙස දැරීමි. එහි ප්‍රතිඵල මෙසේ ය: රජයේ නිල වෙබ් අඩවිය වන www.news.lkහි අයවැය කතාවක් නැත. දිනමිණ වෙබ් අඩවිය පවසන්නේ 'රජයේ සේවක වැටුප් 5%කින් ඉහළට' කියා පමණි. දිවයින වෙබ් අඩවියේ සඳහන් වන අන්දමට 'සියලුම රාජ්‍ය අංශ සේවකයන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 600 කින් ඉහළ දැමීමට යෝජනා කරන බව ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා 2011 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඊයේ (22 දා) පස්‌වරුවේ ප්‍රකාශ කළේය. එමෙන්ම 2011 ජනවාරි මාසයේ සිට ආරක්‍ෂක අංශ ඇතුළු සියලුම රජයේ සේවකයන්ට මූලික වැටුපෙන් 5% ක දීමනාවක්‌ද ලබා දීමට යෝජනා කර ඇත. විශ්‍රාමිකයන් සඳහා ගෙවන ජීවන වියදම් දීමනාව රු. 300 කින් වැඩි කිරීමට යෝජනා කර ඇත.' Daily Mirror පුවත්පත පවසන පරිදි 'A 5% monthly allowance increase as a non pensionable allowance will be provided for all public servants and security personnel. Rs.600 increase in cost of living allowance from January to al...