Posts

Showing posts with the label 2010

අන්තර්ජාලයට හොරෙන් සම්මාන දුන් සිංහල බ්ලොග්කරණ තරගාවලිය | Sinhala blogging competition held; results not in internet

Image
( 2010 දෙසැම්බර් 01,  W3Lanka )  සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ කරුණු සොයා බැලීමට උත්සාහ කළ මුත් ඒ හා සම්බන්ධ නිල වෙබ් අඩවිය වන www.sahithya.lkහි අද උදෑසන වන විටත් තරග ප්‍රතිඵල නැත. පසුගිය 29දා මේ හා සම්බන්ධ ත්‍යාග ප්‍රදානෝත්සවයක් පැවැත්වුණ අතර, ඇතැම් බ්ලොග්වල ඒ බ්ලොග්වලට සම්මාන හිමි වී ඇති බව පළ වී තිබේ. අන්තර්ජාලයේ යාවත්කාලීන නො වන වෙබ් අඩවි හිමියන් බ්ලොග්කරණ තරග පැවැත්වීම විහිළුවකි.  ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් බැහැර කරනු ලබන, එහෙත් පුරවැසි ජනමාධ්‍යවේදයේ ඉදිරියෙන් ඇති මාධ්‍ය අවකාශයක් වන බ්ලොග්කරණය පිළිබඳ, විශේෂයෙන් ම සිංහල බ්ලොග්කරණය පිළිබඳ මෙවැනි සම්මාන උළෙලක් පැවැත්වීම වැදගත් කාර්යයකි. එහෙත්, එය කළ යුත්තේ ඒ පිළිබඳ ප්‍රාමාණික සුදුසුකම් ඇති අය විසිනි. පසුගිය වසරේ පැවැති සිංහල බ්ලොග්කරණ තරගාවලිය හා සාපේක්ෂව ගත් කල මේ වසරේ සංවිධාන කටයුතු අතිශය දුර්වල ය. අඩු තරමේ තරගයට සහභාගි වූ අයට සම්මාන උළෙලට එන්නැයි ආරාධනාවක් විද්‍යුත් තැපෑලෙන්වත් ලැබුණාදැයි අපි නො දනිමු. විවෘත ආරාධනාව නම් අපි දුටුවෙමු. කාර්යබහුලත්වය හේතුවෙන් යන්නට බැරි විය. එවැනි අයට ප්‍ර...