Posts

Showing posts with the label 1983

විජයාවතරණය, මහින්දාගමනය, පෘතුගීසීන්ගේ පැමිණීම හා 1983 කළු ජූලිය

Image
අසූ තුනේ කලු ජූලියට 31 වසරක් සපිරෙයි. ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ අනුග්‍රහය ලද සිංහල ජාතිවාදියෝ එදා ඒ දෙමළ සංහාරය කළේ සමස්තයක් ලෙස සිංහල සමාජයේ කැමැත්ත පරිදි ය. සිංහලයෝ බහුතරයක් දෙනා එය අනුමත කළ හ. එයට එරෙහිව නැගී සිටියේ අතළොස්සකි. හැබැයි, පසු කලෙක නම් සිංහල කලා නිර්මානවල සිටිය තරමක් සිටියේ දෙමළුන් සඟවාගෙන රැක ගත් උදාර සිංහලයෝ පමණි. මා සිතන පරිදි එය ‍වරදකාරී හැඟීමේ ප්‍රකාශනයකි. 1983 ලාංකීය දේශපාලනයේ සන්ධිස්ථානයකි. දෙමළ සන්නද්ධ අරගලය නැගලා යන්නට පටන් ගත්තේ එයින් පසුව ය. එසේම, සංවර්ධිත රටවල දියුණු ජීවිත සොයා මහා පරිමාණ දෙමළ සංක්‍රමණයක් ආරම්භ වූයේ ද එතැනිනි.  එසේම, සිංහල ජාතිවාදය හා දෙමළ හා සුළු ජාතික විරෝධී යුද්ධය ලංකාවේ ප්‍රධාන රාජ්‍ය භූමිකාව බවට පත් වූයේ ද එතැන් සිට ය. මෙය කෙතරම් ගැඹුරු දේශපාලනික අවශ්‍යතාවක් ද යත් යුද්දෙ නැතිව ඇත්තට ම අපට පාළු ය. 2009න් පසු අපි මුස්ලිමුන් අල්ලා ගත්තේ ඩයස්පෝරාව සමග කරන යුද්ධය අපේ ඇඟට නො දැනෙන නිසා ය. අැඟට දැනෙන යුද්ධයක් නැතිව අපට දැන් ජීවත් වන්නට බැරි ය. 83 කළු ජූලිය හා එ් සමග කුළුගැන්වුණු තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව හා...

No More July!!!! ජුලි කලුවරට එරෙහිව ස්වයං ආලෝකයක්

Image
No More July!!!! ජුලි කලුවරට එරෙහිව ස්වයං ආලෝකයක් දල්වන්න ජූලි 23 වන දා සවස 3 ට විහාර මහා දේවී එලිමහන් රංග පීඨයට එන්න! නැවතත් ජුලි මසක් එළඹ තිබේ. මේ, පසුගිය වසර 31 පුරා සිදුවූවාක් මෙන්ම ඉතිහාසය අපට අභිමුඛ වන මොහොතයි. ලාංකිකයින් ලෙස, එක් ජාතියක සිය සහෝදර ජනතාවට එරෙහිව මනුෂ්‍යත්වයේ සාධකය මඟ හැර වෛරයේ අඩයාලම සළකුණු කළ ස්ථානය ලෙස 1983 ජුලි 23 වැනි දිනය ඉතිහාසයට එක්වෙයි. මිනිස් ජීවිත, දේපළ මතු නොව විශ්වාසය ද සහෝදරත්වය ද මිනිස් බැඳීම් ද ශූන්‍ය කළ ඒ අඳුරු දින කිහිපය රටක් ලෙස අප රැගෙන ගියේ තිස් වසරක සිවිල් යුද්ධයකට ය. එය හුදු යුද්ධයක් ලෙස පමණක් නිර්වචනය කළ නොහැකි වන්නේ ඒ තුළ ලක්ෂ ගණනක් මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය ද , සුවහසක් සිහින සහ බලාපොරොත්තු ද ඉපදුණ පොළවෙහි ජීවත් වීමේ අයිතිය ද නිර්දය ලෙස පැහැර ගැණුනු නිසාවෙනි. ජාතිවාදය විසින් නිරන්තරයෙන් පෝෂණය කරනු ලබන සමාජ දේශපාලනික යාන්ත්‍රණයක ගොදුරු බවට පත්ව ඇති ලංකේය පුරවැසියාට එම යාන්ත්‍රණය විසින් සියලු ජනමාධ්‍යයන් සහ ක්‍රමවේදයන් හරහා යෝජනා කරමින් සිටින්නේ වර්ගවාදය පදනම් කර ගනිමින් අනෙකා අපායට පිරිහෙළිය යුතු බවයි. එබඳු අන්තවාදී සංස්කෘ...