Posts

Showing posts with the label ‍කාල් මාක්ස්

ජවිපෙ මූලස්ථානයේ බිත්තියේ ඡායාරූපය ගැන මාක්ස් මෙසේ පවසයි / Marx quoted about the photo on the wall of the JVP headquarters

Image
ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ල මූලස්ථානයේ එල්ලා තිබූ මාක්ස්ගේ ඡායාරූපය කැරළිකාර කණ්ඩායම රැගෙන ගිය බව කියැවේ. සෝමවංශ අමරසිංහ පාර්ශ්වය කියන්නේ කරැළිකරුවන් ඒය සොරකම් කළ බවයි.  මාක්ස් ජීවතුන් අතර සිටියා නම් සමහර විට මෙසේ කියනු ඇත.  "සහෝදරවරුනි, මා තවත් අය සමග එක්ව ඉදිරිපත් කළේ ලෝකය විග්‍රහ කරන දැක්මක් මිස ආගමික දේශනාවක් නො වේ. මම ශාස්තෲවරයෙක් නො වෙමි. එහෙයින් මගේ රූප ඔබේ කාර්යාලයේ එල්ලාගෙන මල් පහන් පිදීම, හඳුන් කූරු දැල්වීම වැනි අභිචාර පැවැත්වීම තේරුමක් නැත. "මා ඉදිරිපත් කළ කරුණු වනාහි අවසාන දේව වාක්‍ය නො වේ. ඒවා ලෝක ධර්මයන් තේරුම් ගැනීමේ විද්‍යාවක පදනමයි. නො එසේව, කට පාඩම් කරගෙන උපුටා දැක්වීමට හා තමන්ට අවශ්‍ය පරිදි, අවශ්‍ය කෑලි පමණක් ගෙන, තමන්ගේ අදහස් ඔප්පු කිරීම සඳහා යොදා ගත හැකි න්‍යායික උපකරණ විශේෂයක් නො වේ.  "කොමියුනිස්ට් ප්‍රකාශය ඉදිරිපත් කරද්දී මම 'සකල දේශ වාසී නිර්ධනයිනි, එක්වව්!' යන සටන් පාඨය ජර්මන් බසින්  Proletarier aller Länder vereinigt Euch!  ලෙස ඉදිරිපත් කළෙමි. අද වන විට ඔබ ඇතුළ බොහෝ මාක්ස්වාදීන් යයි කියන අය කරන්නේ නිර්ධනයින් බෙදා වෙන් ක...