මළමිනී සහ ළමයින් සමග ලිංගිකව එක් වීම
නෙක්‍රොෆීලියා කියන්නේ මළ මිනී කෙරෙහි ආසක්ත වී ඇතැම් විට ඒවා සමග සංසර්ගයේ යෙදීමට පෙළඹෙන මානසික රෝගී තත්වයක්. නෙක්‍රොෆීලියා යන වදන ශවකාමය ලෙස සිංහලට පරිවර්තනය කරන්නට පුළුවන්. කොටදෙනියාවේ සේයා දැරිය මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ගැන ජනමාධ්‍ය විසින් කරනු ලබන විස්තරවල ඔහු මෙවැනි මානසික රෝගියකු බව පැවසෙනවා. ජනමාධ්‍ය විසින් වෛරී චේතනා ජනතාව තුළ ඇති කිරීමේ අරමුණින් කරන මෙවැනි වාර්තාකරණයන් සම්පූර්ණයෙන් විශ්වාස කළ නො හැකි වුණත්, මෙම සැකකරුවා මානසික රෝගියකු වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. නෙක්‍රොෆීලියා මානසික තත්වයෙන් පෙළෙන පුද්ගලයකු පිළිබඳ ගාමිනි වියන්ගොඩ විසින් ‘මායාවාස’ ලෙස පරිවර්තනය කරන ලද ඉසබෙල් අය්යන්දේ ලියූ The House of Spirits නවකතාවේ සඳහන් වෙනවා. “ලෑලි පෙට්ටිය උඩ ගල්ගැසී, අවසානය දක්වා ම ඒ දසුනින් දෑස් ඉවතට ගන්නා ඈ අසමත් වූවා ය. පිරිමි දෙන්නා රෝසා ගේ සිරුර හිස් කොට අවසන් වන තෙක්, නහරවැල්වලට බෙහෙත් එන්නත් කර, සිරුර නහවා ආමෝදි විනාකිරෙන් හා සැවැන්දරා සාරයෙන් දෝවනය කර අවසන් වන තෙක්, ක්ලාරා ඇසි පිය නො හෙලා ඒ තැන රැඳී සිටියා ය. මෘත ශරීර සංරක්ෂක පාප්ප තවරා, වක් වූ ගෝනි ඉදි කට...