Posts

Showing posts with the label ළමා නිවාස

නරක ම දේ ළමයින්ට / Worst for children

Image
කුඩා ළමයකු පණ පි‍ටින් පිළිස්සී මිය ගිය තිහාරියේ ළමා නිවාසයේ වගකීම අන් අය පිට පටවා අත සෝදා ගැනීමේ මහා පරිමාණ ව්‍යාපෘතියකට ජාතියේ ආඩම්බරකාර තාත්තාගේ ආණ්ඩුවේ නිලධාරීන් මුල පුරා ඇති බව පෙනේ. දැන් රජය කියන්නේ රට පුරා අනවසර ළමා නිවාස 98ක් ඇති බවයි. ඒවා වසා දමන්නැයි කියා ඇති බව ද නිලධාරීහු කියති. කිය කියා සිටියා මිස මෙතෙක් මොකවත් කළේ නැත්‍තේ ඇයි? දැන් තිහාරියේ ළමා නිවාසයේ සිද්ධියේ වගකීමෙන් අත සෝදා ගැනීම සඳහා රජය ළමා අපචාර සිද්ධියකට මුල් තැන දී තිබේ. ළමයකු පණ පිටින් පිළිස්සී මිය යන තෙක් මේ අපචාර ගැන සොයන්නට කෙනෙක් සිටියේ නැත. ළමා නිවාස ආරම්භ කිරීම ද එක්තරා ජාවාරමකි. දෙස් විදෙස් දානපතීන්ගෙන් මුදල් ගසා කෑම මේ පිටුපස ඇති ප්‍රධාන අරමුණකි. එසේ ම ළමා නිවාසවල දරුවන් අපචාර සඳහා අලෙවි කිරීම ද සුලබව සිදු වන්නකි. ළමා නිවාසවල පමණක් නොව, මේ රටේ ළමයින් තමන්ගේ නිවාසයන්හිදී ද අනාරක්ෂිත ය. පාසල් යනු ළමයින්ගේ අනාරක්ෂාවේ තෝතැන්නයි. හොඳ ම දේ ළමයින්ට යයි ප්‍රතිපත්තියක් සමාජවාදී සෝවියට් දේශයේ තිබුණු බව අසා ඇත්තෙමි. ලංකාව එහි අනෙක් පැත්ත ය. ළමයින්ට දෙන්නේ නරක ම දේ ය. උදාහරණයක් ලෙස, අන් කිසිදු ප්‍රවාහ...