Posts

Showing posts with the label ළමයි

වීසි කරන්නට දරුවන් තනනා ලංකාවේ තවත් සිද්ධියක්

Image
(2010 මාර්තු 22- W3Lanka )  මෙන්න ස්වර්ණවාහිනිය ඇතුළු ලංකාවේ ජනමාධ්‍යවලට විකුණාගෙන කෑම සඳහා තවත් සිද්ධියක්. ලංකාවේ පිරිමි වීරයන්ට වෛර කිරීමට තවත් ගැහැනියක්.  මේවා සමාජ ප්‍රශ්න නොව ගැහැනුන්ගේ දුර්ගුණ යයි තර්ක කරන්නන්ට බණට නිමිත්තක්. උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි. උපන් ගමන් බිළිඳා පොලිතින් උරයක බහා ගඟට විසි කරලා අම්බලන්ගොඩ පස්‌ දරු මව අත්අඩංගුවට අම්බලන්ගොඩ - චන්ද්‍රසිරි ජසෙන්තුලියන,ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි - ලලිත් චාමින්ද බංගලිදේශ ජාතිකයකුට දාව බිහි කළ පිරිමි දරුවකු ඉපදී පැය තුනක්‌ යන්නට මත්තෙන් පොලිතීන් උරයක බහා ගඟට විසිකළ බව කියන පස්‌දරු මවක්‌ ඊයේ (21වැනිදා) අලුයම අම්බලන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස්‌ හදිසි ඇමතුම් අංශයෙන් ලද තොරතුරක්‌ මත ගඟට විසිකොට තිබූ බිළිඳු සිරුර පෙරේදා (20 දා) සවස අම්බලන්ගොඩ පොලිසිය මගින් අම්බලන්ගොඩ තල්ගස්‌ගොඩ හල්වතුර ගඟේ පා වෙමින් තිබියදී සොයාගත් අතර පසුව බිළිඳු සිරුර බළපිටිය මූලික රෝහලට භාර දී තිබේ. සොයාගන්නා විට බිළිඳු සිරුරේ මුඛය හා නාසය වැසෙන සේ රෙදි ...