සරුංගල්කාරයන්ට ගුවන් යානා ලයිසන් දීම
ප්‍රාදේශීය සභාවක සභාපතිකමට සුදුසු කෙනෙකුට රටක් ම භාර දීමේ ආදීනව ලෙස ලොවටම වැඩක් නැති ගුවන් තොටවල්, වරායවල් හම්බන්තොට හැදෙමින් තිබේ. මේ ඒ මෝඩකමේ දෙවන මට්ටමයි. පාසලක විදුහල්පතිකමක හා ඇමති ධුරයක වගකීම් අතර වෙනස තේරුම් ගන්නට බැරිකම මෙතැන ඇති ප්‍රශ්නයයි. උසස් පෙළ විභාග ප‍්‍රශ්න පත‍්‍ර සම්පාදකයින් සහ විවිධ විභාග රාජකාරිවල නියුතු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු සහ කතිකාචාර්යවරුන්ට අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන තම අත්සනින් ලිපියක් යවමින් හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ උසස් පෙළ සිසුන්ට දේශන පැවැත්වීමට ලිඛිතව කැඳවීම් කර ඇත. තමන්ගේ ජනපි‍්‍රයතාවය වෙනුවෙන් පාසල් 9905 ක් තිබියදී එක් පාසලක් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රය සතු සියලූ සම්පත් යොදවමින් හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල ජනපි‍්‍රය කරවීමට අධ්‍යාපන ඇමතිවරයා කටයුතු කරමින් සිටී. එහිදී එම පාසලේ උසස් පෙළ හදාරණ සියලූ සිසුන් සමත් කරන බවට පුරසාරම් දෙඩවීමක් ද සිදුකරමින් සිටින අතර මේ වන විට ප‍්‍රශ්න පත‍්‍ර සකස් කරන හා විභාග කටයුතු කරන ආචාර්ය මහාචාර්යවරුන් එම පාසලේ උසස් පෙළ විෂයන්ට අදාළ දේශන සඳහා ගෙන්වීමට කටයුතු කර...