Posts

Showing posts with the label හෙද සේවය

සෞඛ්‍ය සේවයේ වෘත්තීය සටන් ප්‍රතිගාමී ද?

Image
මේ වන විට දියත් වෙමින් තිබෙන හෙදියන්ගේ වැඩ වර්ජනය වෘත්තීය අරගලයක් ලෙස තේරුම් ගැනීම පිළිබඳ ැටලු තිබේ. එය වනාහි වැටුප් ප්‍රශ්නයක් මුල් කරගෙන කරන වර්ජනයක් නොවේ. එහි අරමුණ අලුතින් සේවයට එක් වන හෙදියන්ට සිය මූලික පුහුණුවේ කොටසක් ලෙස සූතිකාගාර පුහුණුව ලබා ගැනීමයි. වර්ජනය කරමින් සිටින හෙදියන්ට මෙම වර්ජනයෙන් තමන් මුහුණ දෙන සැබෑ ගැටලු කිසිවක් විස‍ඳෙන්නේ නැත.  වැටුප්, අතිකාල දීමනා, අනතුරු දීමනා, නිල ඇඳුම් දීමනා ආදිය ප්‍රමාණවත් නොවීම, අධික ලෙස වැඩ කරන්නට සිදු වීම, රාත්‍රී සේවා මුර කරන හෙදියන් සඳහා විවේක කාමර ආදී ගැටලු රාශියක් තිබියදී, ඒ සියල්ල පසෙක තබා තමන්ගේ තත්වය පිළිබඳ ව්‍යාජ සටන් පාඨයක් මත සමස්ත හෙද ප්‍රජාව ම පාහේ එකාවන්ව නැගී සිටින ස්වභාවයක් දක්නට ලැබේ.  මෙම නැගී සිටීමේදී හෙද නිලධාරීන්ගේ මහා අනෙකා වී තිබෙන්නේ ඔවුන්ගේ හිමිකම් අවුරාගෙන සිටින ආණ්ඩුව හෝ එසේ හිමිකම් අැහිරීම සඳහා ආණ්ඩුවට සේවය කරන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වැනි හොරිකඩ වෘත්තීය සමිති නායකත්වය නො වේ. මෙහිදී අනෙකා වී තිබෙන්නේ වින්නඹුවරියන් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි.  හෙද හෙදියන් වැටුප් ශ්‍රමිකයන් ලෙස තමන්...

හෙද නිලධාරීන්ගේ සටන | Sri Lanka government nurses struggle for rights

Image
( 2010 අගෝස්තු 18,  W3Lanka )  හෙද සේවාවට බලපාන මුලික ඉල්ලීම් කිහිපයක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සම. සාකච්ඡා කළ ද ඒවාට විසඳුම් ලබාදීම දිගින් දිගටම කල්යන බැවින් අගෝස්තු 18 දින දහවල් 12.00 ට ශ‍්‍රී ලංකා ජාතික රෝහල ඉදිරිපිට දී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කළේ ය. හෙදියන්ගේ ඉල්ලීම් මෙසේ ය.  1. පරිපූරක සේවාවට ලබාදුන් පරිදි වසර 12 කින් හෙද සේවාවට 1 ශ්‍රේණිය ලබා දීම ක‍්‍රියාත්මක නොකිරීම 2. හෙද සේවාව සඳහා දින 05 සතිය ලබාගැනීමට පත් කළ කමිටුවේ වාර්තාව මේ වනතුරු එළිනොදැක්වීම 3. හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී සංගමය ඉදිරිපත් කළ සමහර යෝජනා ඇතුලත් නොකිරීම 4. හෙද උපාධිය පිළිබඳව පැවැත්වූ අමාත්‍ය සාකච්ඡාවේදී ඇතිවු එකගතාවන් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක‍්‍රියාත්මක නොවීම 5. හෙද නිලධාරීන්ගේ ඩිප්ලෝමා සහතික ලබාදිමට යෝජනා කල කඩිනම් වැඩපිලිවෙල ක‍්‍රියාත්මක නොවිම 6. හෙද අධ්‍යක්ෂ, විදුහල්පති තනතුරුවල පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර නොගැනීම 7. හෙද නිලධාරීන්හට පත්වීම් දීමේදී කුසලතාවය මත පත්වීම් දෙන ක‍්‍රමය උල්ලංඝණය කිරීම Y...