අනන්යතා පත්රයත් විකුණන් කාපියව්
නව විද්යුත් ජාතික හැඳුනුම්පතක් ජනතාවට විකිණීමට රජය තීරණය කර ඇත. මෙය නොමිළේ දෙන්නේ දැනට ජාතික හැඳුනුම්පත ඇති අයට පමණි. ඒ කියන්නේ අලුතෙන් හැඳුනුම් පත් ගන්නා සාමාන්ය පෙළ ලියන දරුවන් මුදල් ගෙවා විද්යුත් හැඳුනුම් පත ගත යුතු ය. විද්යුත් හැඳුනුම්පත නැති අය හරි හමන් පුරවැසියන් ලෙස නො සලකනු ඇති බැවින් දරුවන්ගේ අනාගතය ගැන නිරතුරු බියෙන් පසු වන මේ රටේ අම්මලා, තාත්තලා ඒ වෙනුවෙන් ද මුදල් ගෙවිය යුතු ය. ඒ ලබ්බ නැතිව දැනටත් ඡන්දය දාන්න, පාරේ යන්න, වැඩක් කර ගන්න, රස්සාවක් කරන්න කරදර ය. රස්සා නැත. හරියට කන්න, අඳින්න නැත. ජීවිතවල මෙලෝ රහක් නැත. අනන්යතාව විතරක් විද්යුත් වෙන්න යනවා ය. විද්යුත් පතකින් දක්වන්නට මේ රටේ මිනිස්සුන්ට ඇත්තේ මොන අහවල් අනන්යතාව ද? මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න