Posts

Showing posts with the label හාමෝනිකා

දෑස පුරා සිත නළවන රටාවයි - චත්‍රපානි පීරිස්

Image
අහම්බෙන් අන්තර්ජාලයේදී හමු වූ මේ සොඳුරු හාමෝනිකා පෙළහර මෙහි ඔබට ඉදිරිපත් කරන්නේ එහි ඇති අපූර්වත්වය නිසා ය. චත්‍රපානි පීරිස් පිළිබඳ අප කළ සොයා බැලීම්වලින් වටහා ගත් දෙය නම්, ඔහු සංගීතයට ආදරය කරන සැබෑ රසවතකු බවයි. ශ්‍රියානි ස්වර්ණලතා, ඇම්. බී. ගුණදාස, චත්‍රපානි පීරිස් එක්ව ගී ගැයූ ස්වර්ණ සංගම් ත්‍රි පුද්ගල ගී ප්‍රසංගය පසුගිය අගොස්තු 7දා ඉරිදා මොරටුව බෞද්ධ මන්දිරයේදී පැවැත්වුණ බව සරසවිය පුවත්පතේ දුටුවෙමි. මාධ්‍යවලින් පුම්බන ලද ගොමරිති සුපර් ස්ටාර්ලා උඩ පාවෙද්දී දිය යටට ම කිමිදෙන මෙවැනි බරසාර කුසලතාවන්ට සමාජයක් ලෙස අපි කෙසේ වගකිව යුතු ද? ඔහුගේ තවත් වාදන කිහිපයක් මෙතැනින් නැරඹිය හැකි ය.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න