Posts

Showing posts with the label හරින් ප්‍රනාන්දු

ඌව කොහොම වෙයි ද?

Image
ඌවේ ඡන්දය හෙට ය. එය තීරණාත්මක ය.  යුද්ධයෙන් පසු මහින්ද රාජපක්ෂ පාලනයට සරත් ෆොන්සේකා 2010දී කළ අභියෝගයට සමාන අභියෝගයක් ඌවෙන් ජවිපෙත්, එජාපයේ හරින් ප්‍රනාන්දුත් එල්ල කර තිබේ. නිල ඒකාබද්ධ විපක්ෂයක් බිහි වී නැතත්, විපක්ෂ සමගියක සේයාවක් හෝ දක්නට ලැබේ. මෙම අභියෝගය හමුවේ ආණ්ඩුවට ඌවේ පාලනය රැක ගැනීමට බැරි වුවහොත්, එය ආණ්ඩුව නමැති කඩදාසි කෝච්චියේ පෙරළීම ආරම්භ වන අවස්ථාව වනු නිසැක ය. එය වළක්වා ගැනීමට මොන දහං ගැටය ගැහුවත් ආණ්ඩුවට බැරි වනු ඇත. මේ ඡන්දය සම්පූර්ණයෙන් ම දූෂිත එකකි. එය කැඳවීම පවා කරන්නේ ආණ්ඩුවට අවශ්‍ය වාසිදායක වෙලාවට ය. ජනාධිපතිවරයා පවා රාජ්‍ය දේපල භාවිතා කරමින් ප්‍රසිද්ධියේ ම මැතිවරණ ප්‍රචාරණයේ යෙදුණේ ය. එතැනින් පහළට සෙසු අය ගැන කතා කර වැඩක් නැත.  දැන් උත්සාහ කරන්නේ දිනන විපක්ෂ අපේක්ෂකයන් කිහිප දෙනෙකු මිළ දී ගෙන ජනමතය විකෘති කරගෙන බලයේ එල්ලී සිටීමට ය.  මේ උත්සාහයන් පරාජය කිරීමට ජනතාව කටයුතු කළ යුතු ය. ඒ සඳහා විසඳුම වන්නේ ජවිපෙ වැනි පහසුවෙන් මිළ දී ගත නො හැකි බලවේග ශක්තිමත් කිරීමයි.  අනෙක් පැත්තෙන් හරින් වැනි තරුණ නායකයන් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරියට පැ...