47,000ක් ලිංගික ශ්‍රමිකාවන් ගැන | About 47,000 sex workers of Sri Lanka
( 2010 අගෝස්තු 19, W3Lanka ) සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ නවතම දත්ත අනුව මෙරට කාන්තාවෝ 47,000ක් ලිංගික ශ්‍රමිකයෝ ලෙස කටයුතු කරති. වෙනත් වෘත්තීන්ට මුවා වෙමින් විශේෂයෙන් ම ඉහළ සමාජයේ පවත්වාගෙන යන ලිංගික සේවාවන්හි සේවයේ නියුතු වූවෝ මෙම වර්ග කිරීමට අයත් වන්නේ නැත. සෞඛ්‍ය අධ්‍යයන කාර්යාංශයේ මාධ්‍ය සම්බන්ධීකරණ ප්‍රධානි, වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, දිවයින පුරා කරන ලද සමීක්ෂණයකින් ඉහත සංඛ්‍යාව අනාවරණ වූ බවය. ඔහු පෙන්වා දෙන්නේ එම කාන්තාවන් හා ඔවුන්ගේ ගනුදෙනුකරුවන් අතරේ ලිංගාශ්‍රිත රෝග බෝවීමේ අවදානමක් පවතින බවය. එහෙත් ඊට වඩා ප්‍රශ්නයක් මෙහි තිබේ. කෝටි දෙකක් පමණ ජනගහණයක් වෙසෙන මේ රටේ මෙතරම් ගැහැනුන් සංඛ්‍යාවක් ඇඟ විකුණන්නේ ඇයි? ලංකාවේ සමස්ත පාසල් ගුරු ප්‍රජාව ද ලක්ෂ දෙකකි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ කලම්බු මෙඩිකල් ජර්නල් ප්‍රක්ෂේපණ අනුව, 2010 වන විට බටහිර වෛද්‍යවරුන් සංඛ්‍යාව 17,000ට අඩු ය. ලංකාවේ පිරිමි ජනගහණය කෝටියක් නම් සැම පිරිමි 200ක් වෙනුවෙන් ම සේවා සැපයීම සඳහා එක් ලිංගික ශ්‍රමික ගැහැනියක බැගින් ඇත. ගනිකා වෘත්ත...