ස්වභාවික ව්‍යසනවලට පාලකයන් වග කිව යුතු ආකාරය භෞතිකවාදී ඇසකින්
( 2011 ජනවාරි 13, W3Lanka ) "දෙවො වස්‌සතු කාලෙන - සස්‌ස සම්පත්ති හේතුච පීතො භවතු ලොකොච - රාජා භවතු ධම්මිකෝ" කලට වැසි වසීවා, කෙත් වතු සාර වේවා, ලෝ වැසියන් ප්‍රීතිමත් වේවා, රජතුමා ධාර්මික වේවා! රජුන් ධාර්මික නො වුණහොත් කලට වැසි නො වසින බව ඉහත ගාථාවෙන් ව්‍යංගයෙන් කියැවේ. ඇති වී තිබෙන අයහපත් කාලගුණයට පාලකයන් වග කිව යුතු බව අප පවසන්නේ අතිශය භෞතිකවාදී පදනමකිනි. පාලකයන් යන්නෙන් ලංකාවේ වත්මන් මෙන් ම අතීත පාලකයන් ද, ලෝක හා කලාපීය දේශපාලකයන් ද අදහස් කෙරේ. මේ ස්වාභාවික ව්‍යසන වනාහි වැරදි සංවර්ධන උපාය මාර්ගයක අනිවාර්ය ප්‍රතිඵලයි. මිහිතලය උණුසුම් වීමත් සමග මෙවැනි මහා ගංවතුර උවදුරු මෙන් ම නියඟ ද නිතර අත්දැකීමට ලෝකයට සිදු වනු ඇත. බලවත් රටවල් විසින් ප්‍රවර්ධනය කරනු ලබන, ලංකාවේ වත්මන් පාලකයන් විසින් දොහොත් මුදුන් දී වැළඳගෙන තිබෙන සංවර්ධන උපාය මාර්ගය සොබා දහමත්, මිනිසාත් සූරා කන, එහෙයින් මානවයාගේ හා සත්ව සන්තතියේ පැවැත්මට අහිතකර එකකි. වසර 250,000ක ඉතිහාසයක් ඇති මානව වර්ගය කෘෂිකර්මාන්තය පනේ ගත්තේ වසර 10,000කට පෙර ය. වසර 240,000ක් ම මානවයා කිසිදු කෘෂිකර්මාන්තයකින් තොර ...