Posts

Showing posts with the label සෙට්ටිකුලම්

අනාථ කඳවුරු උණුසුම්: අට හැවිරිදි දරුවකුට වෙඩි

Image
(2009 සැප්තැම්බර් 27 - W3Lanka ) යුද අනාථයන් රඳවා තිබෙන වවුනියාවේ අනාථ කඳවුරුවලින් ඔවුන් නිදහස් කිරීම පමා වීමත් සමගම අසහනය මෝදු වෙමින් ගැටුම්කාරී තත්වයන් මතු වෙමින් ඇති බව වාර්තා වේ. සෙනසුරාදා රාත්‍රියේ සෙට්ටිකුලමේ මැනික් ෆාම් කඳවුරේ ඇති වූ හමුදාව විසින් වෙඩි තැබීමේ සිද්ධියකින් අට හැවිරිදි දරුවකු ඇතුළුව අඩු තරමේ තිදෙනෙකුවත් තුවාල ලබා ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර පැවසීය. ඔහු පවසන්නේ මෙම පුද්ගලයන් පළා යාමට උත්සාහ කළ බව හා ඉන් අනතුරුව හමුදාවට ගල් ගැසූ බවයි. එක් පුද්ගලයකු ‍අත් බෝම්බයකින් ද පහර දීමට උත්සාහ කළ බව ඔහු පවසයි. ඔහු පවසන විස්තර අනුව දැන් මෙම කඳවුරුවල ඇත්තේ මීට මාස කීපයකට පෙර රජය පැවසූ ආකාරයේ ප්‍රීතිමත් වාතාවරණයක් නොවන බව පෙනේ. අවතැන් කඳවුරුවල සිටින ජනයා හා ආරක්ෂක සෙබළුන් අතර ගැටුම්කාරී සිද්ධි ගණනාවක්ම පසුගිය සමයේ ජනමාධ්‍ය වාර්තා කළහ. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් පවසන්නේ පිසූ ආහාර නොසැපයීම නිසා ආහාර උයා ගැනීම පිණිස දර සොයා ගැනීමට මෙම පිරිස කඳවුරේ වෙනත් කලාපයකට යමින් සිටි බවයි.