කට්ටඩියන් හා හොර වෙදුන් පිටුදකින්නේ කෙසේ ද?
පසුගිය ජනාධිපතිවරණයත් සමග ජ්‍යෝතිෂකාර කට්ටඩියෝ වැඩි දෙනෙක් කිච වී ගිය හ. මහින්ද රාජපක්ෂ පැරදුණොත් ගිනි තියා ගන්නා බව, වෙඩි තියා ගන්නා බව කී තක්කඩියෝ දැන් වෙන සිංදුවක් කියති. ජනාධිපති උපදේශකයකු ලෙස පත් කර, මහජන මුදලින් වැටුප් ගෙවූ සුමනදාස අබේගුණවර්ධන නම් කට්ටඩියාට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ තනතුරක් ද මහින්දගේ අප්පගේ බූදලෙන් නොව මහජන දේපලවලින් ලැබී තිබිණි. රෙන්න පවා නැකැත් බැලූ මහ ලොකු නායකයන්ට කෙළ වෙනකොට ග්‍රහයෝ මෙන් ම කේන්දරකාරයෝ ද නීච වී ගිය හ. මෙය ඉතා හොඳ තත්වයකි. මේ කට්ටඩින් වනාහි මහජනතාව මුලාවේ දමා මුදල් ගරා ගන්නා තක්කඩියෝ පිරිසකි. ජීවින අරගලයට මුහුණ දීම සඳහා මිනිසුන්ගේ පෞරුෂයන් සංවර්ධනය කරනවා වෙනුවට මිථ්‍යා බලවේගවල සරණ යාමට මිනිසුන් පෙළඹවා මුදල් ගරා ගැනීම සමාජ විරෝධී විෂමාචාරයකි. මෙවැනි ම තවත් තක්කඩි පිරිසක් වන්නේ හොර වෙද්දු ය. එක් හෙරක් මේ මෑතදී තමන්ට නොබෙල් තෑග්ග ලැබෙන්නට යන බවක් ද ප්‍රචාරය කළා ය. මොවුන් කරන කිසිදු වෙදකමක් නැත. එහෙත්, මිථ්‍යාවේ ගැලී සිටින ඇතැමෙක් මේ තක්කඩීන් දෙන බෙහෙත් ගැන විශ්වාස කිරීමෙන් මානසිකව සුවපත් වෙති. එහි ප්‍රතිඵලයක් ලෙස ශාරීරිකව ද සුවයක් ලබත...