වාරියපොල පෝරියල් එක

වාරියපොල සුමංගල හිමිගේ ගම මා සිතන පරිදි මාතලේ වාරියපොලයි මේ දවස්වල අන්තර්ජාලයේ කට්ටියගේ බයිට් එක වාරියපොළ චන්ඩි කෙල්ල හා ඇගෙන් ගුටි කෑ කොල්ලා ය. ඔය වගේ සිද්ධි ඉඳහිට සමාජයේ සිදු වේ. එහෙත් ඒ හැම එකක් ම දුරකථන කැමරාවෙන් වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හරින්නේ නැත. දැන් මෙහි තිබෙන වැදගත් ම කරුණ කෙල්ලගේ ප්‍රහාරය ද? කොල්ලාගේ බකන්නිලාගෙන සිටීම ද? මේ දෙකම නොවේ. සිද්ධිය බලා සිටින අයගේ ප්‍රතිචාරයයි. සමාජය දැන් සිදුවීම්වල නිරීක්ෂකයෝ පමණක් ද? කෝ ඉස්සර වගේ වලි බේරන අය? ඒ විතරක් නෙමෙයි, ජංගම දුරකථනය නිසා දැන් හැමෝම වාර්තාකරුවෝ වෙලා. අන්තර්ජාලයේ මේ සිද්ධිය ගැන ලියැවුණ දේවල් පොඩ්ඩක් ආපසු නිරීක්ෂණය කර බලන්න. සමහරු කියපු විධියට කෙල්ල කොල්ලාට ගැහුවේ දයාසිරිගේ හයියෙන්. මෙතැනදී ඇත්තෙන්ම වැදගත් සිද්ධිය ද? මම හිතන්නේ වැදගත් වී තිබෙන්නේ සිද්ධියේ වාර්තාකරණයයි. වාර්තාකරණයෙන් පසුවත්, සමාජය හැසිරෙන්නේ අර රූප රාමුවල ඉන්න සෙසු අය වගේ ම තමයි. සමහරු කෙල්ලගේ පැත්තේ. සමහරු කොල්ලගේ පැත්තේ. තව සමහරුන්ට ගත යුතු පැත්ත තීරණය කරගන්න බැහැ. දැන් මේ වීඩියෝ එක වයිරල් වුණ නිසා හැමෝටම ...