Posts

Showing posts with the label සුබ්‍රමනියම් ශිවතාවි හෙවත් තමිලිනී

තමිලිනී පුනරුත්ථාපනය කිරීම හා වවුනියාවේ රැඳවියන්ගේ විස්කෝතු ගණන් කිරීම

Image
සිංහල ආණ්ඩුව දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ දේශපාලන අංශයේ නායිකාව වන සුබ්‍රමනියම් ශිවතාවි හෙවත් තමිලිනී පුනරුත්ථාපනයට යවා ඇත. කොටි සංවිධානයේ නායක මට්ටමේ පුද්ගලයන්ගෙන් පළමු වරට රජයේ පුනරුත්ථාපනයට ලක් වන්නා වන්නේ තමිලිනී ය.  ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් වැනි දේශපාලකයෝ ද රජයේ මෙබඳු පුනරුත්ථාපන වැඩසටහන් අනුගමනය කළ අයයි.  දේශපාලන නායකත්වයක ඔලු සෝදන්නට හැකි කිසිවක් මේ පුනරුත්ථාපන වැඩවලින් සිදු වන්නේ නැත. එහෙත්, පුනරුත්ථාපනය වනාහි නිදහස සඳහා සම්මුතියකි. වසරකින් තමිලිනී නිදහස් වනු ඇත.  රජය යුද්ධයේ අවසානයෙන් පසු කොටි නායකත්වයට හා සාමාජිකත්වයට බෙදන්නේ හැඳි දෙකකින් බව පැහැදිලි ය. කේ.පී.ට එක විධියකි. දයා හා ජෝර්ජ් මාස්ටර්ලාට තව විධියකි. තමිලිනීට තවත් විධියකි. ‍රැඳවුම් කඳවුරුවල සිටින ඊට පහළ මට්ටම්වල කොටි සාමාජිකයන්ට තවත් විධියකි.  පසුගිය දිනවල වවුනියාව බන්ධනාගාරයේ ඇති වූ කොටි සැකකරුවන්ගේ විරෝධයේදී රජය හා ජනමාධ්‍ය ඔවුන් සම්බන්ධයෙන් සැලකුවේ අන්තගාමී ලෙසයි. ඇතැම් ජනමාධ්‍ය රැඳවියන් ළඟ තිබූ බිස්කට් ගණන ගණන් කර එය මෙපමණ සංඛ්‍යාවකට මෙපම...