ආණ්ඩුව අපට සුදු ලූනු පොඩි කරයි / Garlic tax of Sri Lanka government
සිංදුවක් ලියන්න අලුත් මලක් සුදු ලූනු මල
ආණ්ඩුව අල, ලොකු ලූනු හා සුදු ලූනු සඳහා ආනයන බදු වැඩි කර තිබේ. අලවලට කිලෝකට රු. 5 බැගින් ද, ලොකු ලූන්වලට කිලෝවකට රු. 10 බැගින් ද සුදු ලූනුවලට කිලෝවකට රු. 15 බැගින් ද බදු වැඩි කර තිබේ. මේ දැනට වලංගු බදුවලට අමතරව ය. සමුපකාර හා අභ්යන්ත වෙළඳ ඇමති ජොන්ස්ටන් ප්රනාන්දු පවසන්නේ එසේ කරන්නේ මිළ අඩු ආනයන නිසා දේශීය ගොවියාට ලැබෙන මිළ අඩු වීම පාලනය කර ඔවුන් රැක ගන්නට බවයි. මේ කතාව අල හා ලොකු ලූනු සම්බන්ධයෙන් යම් දුරකට පිළි ගත හැකි ය. එහෙත්, අප දන්නා පරිදි නම් ලංකාවේ ගොවීන් සුදු ලූනු වවන්නේ නැත. එහෙත් වැඩි ම බදු වැඩි කිරීම කර ඇත්තේ සුදු ලූනුවලට ය. පසුගිය මාසවල අහස උසට නැග තිබුණු සිදු ලූනු මිළ දැන් සෑහෙන්න පහළ බැස ඇත. ආණ්ඩුවට කාලා ඉන්නට බැරි දුප්පත් අපි සුදු ලූනු මාළුවක් හදාගෙන කන එක ය. සුදු ලූනු පොඩි කරනවා කියා ජන වහරේ කියන්නේ මෙවැනි වැඩවලට ය. Read in English Garlic tax of Sri Lanka government The Cooperatives and Internal Trade Ministry has increased import taxes on big onions, potatoe...