Posts

Showing posts with the label සිරිමා බංඩාරනායක

මිය ගොස් දස වසරකට පසුවත් උඩු රැවුල්කාර පාලක පිරිමින් බිය වද්දන සිරිමාවෝ

Image
(2010 ජුලි 27,  W3Lanka )  ඝාතනයට ලක් වූ හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බංඩාරනායකගේ වැන්දඹූ බිරිය වූ සිරිමා රත්වත්තේ ඩයස් බංඩාරනායක අගමැති පදවියට පත් වූයේ මීට පනස් වසරකට පෙර 1960 ජුලි 21දා ය. ඇය නූතන ලෝකයේ පළමු රාජ්‍ය නායිකාව යි. සර්ව ජන ඡන්ද බලය ලංකාවට හඳුන්වා දුන් බ්‍රිතාන්‍යයන් එරට ප්‍රථම අගමැතිනිය හා මේ දක්වා සිටි එක ම රාජ්‍ය නායිකාව වූ මාග්‍රට් තැචර් අගමැතිනි ධුරයට පත් කළේ ද මීට බොහෝ කලකට පසුව ය. අගමැති පදවියට පත් වීමෙන් පසු එවකට 44 වියේ සිටි ප්‍රභූ ගෘහනියක නියක වූ සිරිමාගේ නමේ වෙනසක් සිදු විය. ගෞරවාර්ථයෙන් යුත් වෝ අක්ෂරයක් මුල් නම අගට එක් වී ඕ සිරිමාවෝ නම් වූවා ය. සත්තකින් ම ඇය එකී ගෞරවාන්විත යෙදුමට අරුතක් දුන් දක්ෂ ධනේශ්වර පාලිකාවක වූවා ය. ඇය 1960 සිට 65 දක්වා සහ 1970 සිට 77 දක්වා විධායක අගමැති ධුරය හෙබවූ අතර විධායක ජනාධිපති ධුරයට පත්ව සිටි සිය දියණිය වූ චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග යටතේ 1994 සිට සිය මරණයට මාස දෙකකට පෙර 2010 අගෝස්තු 10දා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ලබන තෙක් නාමික අගමැති ධුරය ද හෙබවූවා ය. 1965-70 සමයේ සහ 1989-94 සමයේ ඇය විපක්ෂ නායක ධුරය දැරුවා ය....