Posts

Showing posts with the label සිරස සුපර් ස්‍ටාර්

සිරසට අහු ‍වෙන්න එපා - අංක 7788ට කෝල් කරන්න එපා

Image
සිරස සුපිරි තරුව වූ ගයාන් අරෝෂට රුපියල් කෝටියක් තෑගි ලැබිණි. ඇතැමෙක් මාරයි කියති. එහෙත් එය මාර ‍නොව මාරාන්තික තත්වයකි.  සිරස එක්තරා විධියක ආණ්ඩුවකි. එක පැත්තකින් එස්.එම්.එස්. හරහා ජනතාවගෙන් සූරා ගන්නා සල්ලිවලින් කොටසක් තෑගි දී සිරස ප්‍රාසාංගික කලා ලෝකයට සුපිරි තරුවක් අතහරියි.  අහසින් වැටුණු මේ සුපිරි තරු විසින් කලා, සංස්කෘතික අවකාශය තුළ කරන ලද කිසිදු කාර්යභාරයක් නැත. ගෙවල් හැදීම, වාහන ගැනීම, බඩු විකිණීම, බඩු ගැසීම, බඩු වීම හැරුණු විට හරි හමන් සිංදුවක්වත් කියූ සුපිරි තරු නැත.  තරුණ පරපුර මෙම සුපිරි තරු සිහිනයට උසි ගන්වා ඇත. එහෙත්, අපගේ විරෝධය මේ තරග පවත්වන එක ගැන නො වේ. තරග මුවාවෙන් කරන මංකොල්ලය ගැන ය.  සිරසේ 7788 දුරකථන අංකය වනාහි සිරස ජනතාවගෙන් මුදල් සූරාකන ප්‍රධාන මාධ්‍යයයි. ඔවුන් එවැනි කෙටි ඇමතුම් අංකයක් ලබා ගත්තේ කෙසේද යන්න හා සාමාන්‍ය දුරකථන ගාස්තුවලට අමතරව අධික ගාස්තුවක් අය කරන්නේ කෙසේද යන්න අභිරහසකි. ඔවුන්ගේ ස්වයංක්‍රීය සේවයේ චූර්නිකාව අසන විට ම ඔබගෙන් සෑහෙන ගානක් කැපිලා හමාර ය.  විවිධ වැඩසටහන් ඔස්සේ අංක 7788ට ‍අමතන්නට පොළඹවා, ඇමතූ හැටියේ ...