ෆොන්සේකාට අවුරුදු දෙකකට වඩා අඳින්න ජම්පර් දැනටමත් මහලා | Sarath Fonseka to be jailed more than two years
(2010 අප්‍රේල් 07- W3Lanka ) පාලකයන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට දෙන්නට යන දඬුවම වසර දෙකකට වැඩි සිර දඬුවමක් බව ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ කතාවලින් හෙළිදරව් වේ. අධිකරණයක් මගින් වසර දෙකක සිර දඬුවමක් නියම කොට මාස හයකට වැඩි කාලයක් එම දඬුවම විඳ ඇති පුද්ගලයකු මැතිවරණ පනතට අනුව මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසු නොවන බැවින් ඔහු ඡන්දයෙන් මන්ත්‍රීධූරයට පත් වූවද ඔහුගේ මන්ත්‍රීධූරය අහෝසි වන බව ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ පැවසීය. මීට පෙර සිංගප්පූරුවේ ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ ද කීවේ තමන් ෆොන්සේකාට සමාවක් නොදෙන බවයි. සරත් ෆොන්සේකාට එරෙහිව නඩු විභාග කිරීම සඳහා මේ වන විට යුද්ධාධිකරණ දෙකක් පත් කර තිබේ. ඔහුට විරුද්ධව ඇති චෝදනා වන්නේ හමුදා සේවයේ යෙදී සිටියදී දේශපාලනය කිරීම හා අවි මිළ දී ගැනීම්වලදී අක්‍රමිකතාවල යෙදීමයි. පාලකයන්ට එරෙහිව නැඟෙන යුද අපරාධ චෝදනාවලදී ෆොන්සේකා සාක්ෂිකරුවකු වීමට ඉඩ ඇති බැවින් ඔහු යටත් වනතුරු හෝ සිහි විකල් වනතුරු හෝ මිය යනතුරු හෝ සිරගත කර තැබීමට පාලකයන්ට සිදු වී තිබේ.