Posts

Showing posts with the label සිනමාස්

ලෙස්ටර් ජේම්ස් පීරිස්ට කළ හැකි හොඳම උපහාරය කුමක්ද? | How we can honour Lester James Pieris?

Image
ලෙස්ටර් හා විලී බ්ලේක් එදා ( 2011 ජනවාරි 08,  W3Lanka )  ලෙස්‌ටර් සුමිත්‍රා පදනම සංස්‌ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් නිළි මන්ත්‍රිනී මාලිනී ෆොන්සේකා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. එයට සියලු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලැබිණි. මාලිනී මන්ත්‍රීවරියගේ යෝජනාව ස්‌ථිර කරන්නට මන්ත්‍රීවරුන් දෙදෙනෙක්‌ පොර කෑහ. අන්තිමට එය ස්ථිර කළේ ජේ.ආර්.පී. සූරියප්පෙරුම ය. සූරියප්පෙරුම වනාහි රූපවාහිනී මාධ්‍යයෙන් ලෝකෙන් උතුම් ම යයි ඔහු කියන සිංහලකම ගැන, ගැමිකම ගැන දේශන පවත්වමින්, කලින් කලට දේශපාලන වශයෙන් බලවත් වන පුද්ගලයන් එකී සිංහල පරමාදර්ශ තුළ අරුත් ගන්වා ඔවුන්ගේ සිත් දිනාගෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවි දානයක් ලැබූ පුද්ගලයෙකි. අපි කිසි සේත් ම සිංහල ජාතියට විරුද්ධ පිරිසක් නො වන බව මෙහිදී අවධාරණය කළ යුතු ය. අපි සිංහල ජාතියට ආදරය කරන මුත්, එය ලෝකෙන් උතුම් ම ජාතිය යයි බොරු කියමින් කවුරුන් හෝ අන්දවනවාට විරුද්ධ ය. කෙසේ වෙතත්, සූරියප්පෙරුමගේ පරම්පරාවේ ජාතික ස්වෝත්තමවාදීන් පිරිසක් විසින් කරන ලද නරුමකමක් නිවැරදි කිරීම පිණිස මැදිහත් වී සිංහල ජාතියේ අභිමානය සැබැවින් ම ඉහළ නංවන්නට ඔහුට හා ද...