Posts

Showing posts with the label සිනමා විචාර

බඹර වළල්ල අපූරු දේශපාලනික සිනමා කෘතියක් වන්නේ කෙසේද?

Image
( 2010 සැප්තැම්බර් 02,  W3Lanka  - අජිත් පැරකුම් ජයසිංහ )  බඹර වළල්ල ගැන බූන්දි වෙබ් අඩවියේ විචාරයක යෙදෙන කෞශල්‍ය කුමාරසිංහ හා විදුර ප්‍රභාත් මුණසිංහ මෙසේ පවසති. 'අතුල ලියනගේ විසින් නිර්මාණය කරන ලද සංකිර්ණ මනෝලිංගික ප්‍රශ්නාර්ථීකයක් ද සහිත මෙම සිනමා කෘතිය කිසිදු වාරණයකින් තොරව ප්‍රදර්ශනය වන විට අපට වරක් කිසලොවුස්කි කියූ කථාවක් සිහිවේ. සමාජවාදී පෝලන්ත ආණ්ඩුව සිනමා කෘතීන් අරබයා වූ වාරණ නීති තද කරන හැම විටම සිනමාකරුවෝ කොඩි අතරින් ඒවායේ නොගැටී රිංගා යන හිම ක්‍රීඩකයන් පරිද්දෙන් වාරණ නීති අතරින් රිංගා යාමට උගත්තෝය. එසේ රිංගා යාමට ඔවුන් යෙදූ සංකේතාර්ථ වටහා ගැනීමට පෝලන්ත ප්‍රේක‍ෂකාගාර සමත්විය.' එවැනි 'සංකීර්ණ මනෝලිංගික ප්‍රශ්නාර්ථීකයක්' බඹර වළල්ලේ තිබේ ද යන්න සාමාන්‍ය සිනමා රසිකයන් වන අපට නම් නො තේරේ. එහෙත්, එය ප්‍රශ්නයක් විය යුතු නැත. මන් ද විචාරකයා ද තම නැණ පමණින් කෘතිය කියවන තවත් රසිකයකු පමණක් හෙයිනි.  අප මෙම සිනමා පටය කියවන්නට උත්සාහ කරන්නේ දේශපාලනික දෘෂ්ටි කෝණයකිනි. ඒ අරභයා ඉහත දෙපොළ විසින් අදාළ ඡේදයේ පසුව පළ කරනු ලබන අදහස වැදගත් වේ. කෙළින් කියන්නට ගියොත් බෙ...